BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, December 19, 2017

තේ තහනම ගැන ජනපතිගෙන් පුටින්ට ලිපියක් : අවුල ලිහාගන්න ඇමැතිවරු තිදෙනෙක්‌ රුසියාවට

රුසියාව විසින් තහනමට ලක්‌කර තිබෙන ශ්‍රී ලන්කන් තේ නැවත රුසියාවට යෑවීම සඳහා රුසියන් ජනපතිවරයා සමඟ සාකච්ඡා කර තහනම ඉවත්කර ගැනීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (17 දා) පැවැසීය. 

ඒ සඳහා දැනටමත් ලිපියක්‌ සකස්‌ කර තිබෙන බවත් එය අද (18 දා) තැපැල් කරන බවත් ජනාධිපතිවරයා කියා සිටියේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් කම්කරු කොංග්‍රසය විසින් හපුතලේදී සංවිධානය කර තිබූ උත්සව අවස්‌ථාවට එක්‌වෙමිනි.

වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ජනාධිපතිවරයා මෙසේද කීය.

අපේ තේ කර්මාන්තයට විශාල පහරක්‌ වැදී තිබෙනවා රුසියාව තේ නොගන්න තීරණය කිරීම හේතුවෙන්. ඒකට හේතුව වෙලා තියෙන්නේ අපේ රටේ පෞද්ගලික ආයතනයක්‌ විසින් අපනයනය කරන ලද තේ වගයක කෘමියෙක්‌ සිටීමයි. ඒ නිසා රුසියාව තාවකාලිකව අපගේ තේ ගැනීම නතර කර තිබෙනවා.

මම දැනට ලිපියක්‌ හදලා තියෙනවා. රුසියානු ජනාධිපති වෙත එය මම අද (18 දා) තැපැල් කරනවා. ඊට අමතරව මම වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක, රිෂාඩ් බදුයුදීන් ඇමැති ඇතුළු පිරිසක්‌ රුසියාවට යවලා මේ ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට කටයුතු කරනවා. ඒ වගේම මේ පෞද්ගලික ආයතනය පිළිබඳව දැඩි සෙවීමක්‌ කර නීතිමය පියවර ගන්නවා.

අවුල ලිහාගන්න ඇමැතිවරු තිදෙනෙක්‌ රුසියාවට

රුසියානු රජය මෙරට තේ වලට පනවා ඇති තහනමත් සමඟ ඇතිව තිබෙන අර්බුදය විස¹ගැනීමට කැබිනට්‌ ඇමැතිවරුන් තිදෙනකු මේ සතියේදී මොස්‌කව් බලායාමට නියමිතය. 

ශ්‍රී ලංකා තේ ආනයනයට රුසියානු රජය පනවා ඇති තහනම අද (18දා) සිට ක්‍රියාත්මකය.

වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක, කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන්, විද්‍යා හා තාක්‍ෂණ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත යන ඇමැතිවරුන් මෙලෙස රුසියාව බලා පිටත්ව යාමට නියමිතය.

රුසියාව ශ්‍රී ලංකා තේ වල ප්‍රධානතම ගැනුම්කරුවා වේ.


මේ වසරේ මුල් මාස දහය තුළ රුසියාව ඩොලර් මිලියන 23 ක්‌ වටිනා තේ කිලෝ මිලියන 29 ක්‌ මිලදී ගෙන ඇත.
« PREV
NEXT »