BREAKING NEWS
latest

728x90

468x60

Friday, December 15, 2017

ඇමතිවරුන්ගේ හොර අත්සම් යොදා පසුගිය රජයේ රජවරු තවමත් රජකම් කරයි - අධ්‍යාපන අමාත්‍යංශයේ මහජනදිනයට බුද්ධි අංශය


අධ්‍යාපන අමාත්‍යංශයේ මහජන දිනයේදී සිදුවන අකටයුතුකම් සම්බන්ධයෙන් කරුණු සෙවීම සඳහා බුද්ධි අංශ යොදවා තිබෙනවා.


අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ උපදෙස් මත මෙලෙස බුද්ධි අංශ යොදවා ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කළේ.

ඒ අනුව පසුගිය බදාදා මහජන දිනයේදී උපාධිදාරී ගුරු පත්වීම් සඳහා ව්‍යාජ ආකෘති ලබාදෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තලංගම පොලිසියට බාරදී තිබෙනවා.

ඔහුගේ ව්‍යාජ ලේඛණ රැගෙන එම දිනයේම උපාධිදාරී ගුරු පත්වීම් ලබා ගැනීම සඳහා දිවයිනේ ප්‍රදේශ තුනකින් තිදෙනෙකු පැමිණ සිටියා.

මේ අතර ඉහළ නිලධාරියෙකුගේ අත්සන සහ නිල මුද්‍රාව ව්‍යාජ ලෙස යොදා ගනිමින් විශ්‍රාම වැටුප් සකසා ගැනීමට පැමිණි අයෙකුද මෙහිදී හසුව තිබෙනවා.


මෙලෙස අමාත්‍යංශ ගනනාවක පසුගිය රජයේ රජකම් කල අයවලුන් යහපාලනයේද රජකම් කරන බව වාර්තාවන අතර මෙය රජයේ ඉහල පෙලේ ඇස යොමුවී ඇති බවටද වාර්තාවේ. තව දුරටත් වාර්තාවන ආකාරයට ඇතැම් අමාත්‍යංශවල මොවුන්ට සම්බන්දීකරන ලේකම් තකතුරු පවා හිම්වී ඇත.

මොවුන් මැති ඇමතිවරුන්ගේ ව්‍යාජ අත්සන් යොදා ව්‍යාජ ලියකියවිලි සකසමින් මෙම ව්‍යපාරය කරගෙන යන බවට ආරංචිවේ. 

ගොසිප්99 අප හොරුන්ගේ නිරුවත රටට හෙලිකිරීදට සූදානමින්....
තොරතුරැ ඇතොත් අපට කියන්න  

072 443 5631 / info@gossip99.com
« PREV
NEXT »