BREAKING NEWS
latest

728x90

468x60

Saturday, December 16, 2017

ඇමති සාගල ඉදිකිරීමට යෝජිත දෙනියාය නව රෝහල සඳහා වෙන්කර ඇති භූමියේ නිරීක්ෂනයක


ඇඳන් 500 කින් යුක්තව ඉදිකිරීමට යෝජිත දෙනියාය නව රෝහල සඳහා තෝරාගනු ලැබූ භූමිය ඊයේ (15) අමාත්‍ය සාගල රත්නායක මහතාගේ නිරීක්ෂණයට ලක් විය. මෙම නව රෝහල ඉදිකිරිම පිළිබඳව ප්‍රදේශයේ මහා සංඝරත්නය දැනුවත් කිරීමද අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් එහිදී සිදුකරනු ලැබූ අතර එම අවස්ථාවට භික්ෂුන් වහන්සේලා සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.
එහිදී අමාත්‍යවරයා ප්‍රකාශකර සිටියේ දෙනියාය ප්‍රදේශය තුල විශාල සංවර්ධන වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇති බවත් එයින් ප්‍රමුඛතම කාර්ය දෙනියාය නව රෝහල ඉදිකිරිම වන බවයි. මෙම නව රෝහල ඉදිකිරිම සඳහා පසුගිය කාලය තුලදී ස්ථාන තුනක ශක්‍යතා වාර්තා කැඳවු නමුත් එම ස්ථාන ඒ සඳහා යෝග්‍ය නොවූ බැවින් මෙම දෙනියාය හෑන්ඩ්ෆර්ඩ් වතුයායට සම්බන්ධ ඉඩමක් ඒ සඳහා යොදාගැනීමට සිදුවූ බව කියා සිටියා. ඒ අනුව 2018 වසරේ මුල් කාර්තුවේදී රෝහල ඉදිකිරිම සඳහා අවශ්‍යවන ආකාරයෙන් බිම් සැකසීම සිදුකරන බවත් ඒ සඳහා මෙවර අයවැය මගින්ද මුදල් වෙන්කර ඇති බව ද සඳහන්කර සිටියේය.

කඩිනමින් මෙම රෝහල ගොඩනැගීමට බලාපොරොත්තු වන බවත් සෞඛ්‍ය අමත්‍යංශය සමඟ සාකච්ජා කර මෙම රෝහලට අනුබද්ධව හෙද පුහුණු පාසලක් ආරම්භකිරීමට කටයුතු කරන බවද එහිදී අමාත්‍යවරයා සඳහන්කර සිටියේය. එසේම මෙම රෝහල මුල්කරගනිමින් ඉදිරියේදී "Health Tourism" සංකල්පය විදෙස් සංචාරකයන් තුල ප්‍රචලිත කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.
« PREV
NEXT »