BREAKING NEWS
latest

728x90

468x60

Friday, December 22, 2017

රෝසිට ගහන්න මහින්දගෙන් මිලින්ද

එක්සත් ජාතික පක්ෂ නගරාධිපති අපේක්ෂිකා රෝසි සේනානායක මහත්මියගේ ජන්ද පදනම ආකර්ශණය කරගැනීම සදහා රාජපක්ෂ පවුලේ සමීපතම හිතවතෙකු මෙන්ම දෙරණ හිමිකරු දිලිත්  ජයවීරට අයත් "ට්‍රයිඇඩ්" ප්‍රචාරණ ආයතනයේ ප්‍රධානියෙකු වන මිලින්ද රාජපක්ෂව  පොදුජන පෙරමුණේ ලයිස්තුගත අපේක්ෂකයෙකු ලෙස කොළඹ නගරසභා මැතිවරණයට ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ. 

තරුණ කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයාද වන ඔහු  ගෝඨාභය රාජපක්ෂගේ "අපි වෙනුවෙන් අපි" ප්‍රචාරණ ව්‍යාපෘතියේ  ප්‍රධාන සැලසුම්කරුවකුද වේ. 

රෝසි සේනානායක විසින් දිනාගෙන ඇති උගත් බුද්ධිමත් මධ්‍යමපාන්තික කොළඹ ජනතාවගේ ජන්දය ආකර්ශණය කර ගැනීමට රාජපක්ෂවරුන්ට වෙනත් විකල්පයක් නොමැති වීම නිසා ඔවුන් විසින් මිලින්ද රාජප්ක්ෂව මෙලෙස මැතිවරණයට ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.
« PREV
NEXT »