BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, December 12, 2017

ශ්‍රීලනිපය ක්‍රම තුනකින් පුංචි ඡන්දයට! “ලොක්‌කෝ යාළු වෙනකම් ඉන්න එපා“ දුමින්දගෙන් අමුතු කතාවක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පළාත් පාලන මැතිවරණයේ දී අත, බුලත් කොළය සහ තවත් සලකුණු අනුව ක්‍රම තුනකින් තරග කරන බව ශ්‍රීලනිප මහලේකම්, අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

ඒ අනුව කොළඹ, ගම්පහ, අනුරාධපුරය, පොළොන්නරුව ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට අත ලකුණින්ද තවත් දිස්ත්‍රික්ක කිහිපයකට බුලත් කොළයෙන් ද තරග කරන බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

පළාත් පාලන ආයතන කිහිපයක් සඳහා සුළු පක්ෂ සමග එක්ව සුදුසු ඡන්ද ලකුණකින් තරග කරන බවද මැතිවරණය ප්‍රකාශයට පත් කර ඇති පළාත් පාලන ආයතන 93 සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාම යෝජනා ලැයිස්තු සකස් කර අවසන් බව මහලේකම්වරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත ලකුණෙන් සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බුලත් කොළය ලකුණින් එම පළාත් පාලන ආයතන සඳහා සිය අපේක්ෂකයින් ඉදිරිපත් කර තිබේ.

මේ අතර දුමින්ද දිසානායක මහතා පෙරේදා (09) ශ්‍රීලනිපයේ අක්‌මීමන බලමණ්‌ඩල රැස්‌වීමට එක්‌වෙමින් මෙසේ අදහස් පළ කළේය.

“ශ්‍රීලනි පක්‌ෂයෙන් බෙදුණු, වෙන්වූ, රැවටුණු අය අපි එකතු කරගත යුතුයි. අපි ගමෙන් මේක පටන් ගමු. ලොක්‌කො ලොක්‌කෝ යාලු වෙනකම් ඉන්න එපා. ලොක්‌කෝ යාළු වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ශ්‍රී.ල.නි.පක්‌ෂයේ කඩාගෙන ගිය අය ගියා ආවා. නමුත් එනවිට ආවේ ලොක්‌කා විතරයි. ලෝක්‌කෝ පිටුපස ගිය පොඩ්ඩන්ට මොකද වුණේ. ඔවුන්ට සියලු දේවල් නැති වුණා. පක්‌ෂය හා නායකයන් කියන දේවල් ඒ අයට බාරදීලා. ගමේ ශ්‍රී.ල.නි. පක්‌ෂ සමිතිය පිහිටුවන්න. ගමේ දී ශ්‍රී.ල.නි.පක්‌ෂයට බෙදෙන්න තියෙන හේතුව කුමක්‌ද? ශ්‍රී.ල.නි.පක්‌ෂය හා එජාපය එකට ආණ්‌ඩු කරන්නේ. ශ්‍රී.ල.නි.පක්‌ෂය විසින් යූ.එන්.පී. ය විනාශ කරන්නවත්, යූ.එන්.පී. ය විසින් ශ්‍රී.ල.නි.පක්‌ෂය විනාශ කරන්නවත් නෙවෙයි. ප්‍රධාන පක්‌ෂ දෙක එකතු වුණේ රට හදන්නයි. පුංචි ඡන්දයේදී ගම හැදෙන වැඩේ පටන් ගන්න.“

පුංචි ඡන්දෙදි ශ්‍රීලනිපයට වාසි අවාසි වෙයි

“මා නම් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමන්ලා අඩුවන තරමට කැමැතියි. මහින්ද ජනාධිපතිතුමා පරදින්නත් මේ අය හේතුවක්‌ වුණා. සමහර සභාපතිතුමන්ලා හිතවත් සභාපතිතුමන්ලාගෙන් ජරාව, පගාව ගත්තා. අද මේ අයට විලි ලැඡ්ජාවක්‌ නැහැ. මේ අය ප්‍රවෘත්ති සකච්ඡා තියෙනවා. තමන්ගේ හිතවත් සභාපතිතුමන්ගෙන්ද පගාව ගන්නවා නම් මේ අය කොහොමද ගමේ අයට වැඩ කරන්නේ. අපි ළඟ ඉන්නේ ඉතා පිරිසිදු අය හා පක්‌ෂය ගැන හැඟීමක්‌ තියෙන අය. හොරුන්ට තක්‌කඩින්ට අපි ළඟ ඉන්න බැරිවෙලා තියෙනවා. එහා කඳවුර ඒ අයගේ කඳවුර බවට පත්වෙලා තියෙනවා. එක ගහේ වහන්නේ එක වගේ කුරුල්ලන් නේ. ඒ වගේ අපේ පැත්ත හොඳවෙලා තියෙනවා. අර පැත්තේ අපට කියන්න බැරි දේවල් තියෙනවා.“

“ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ලැබෙන ප්‍රතිඵලය අපට වාසි වුවත්, අවාසි වුවත් අපට පිළිගන්න වෙනවා. ශ්‍රී.ල.නි. පක්‌ෂයේ ජනාධිපතිවරයෙක්‌ අපට ලබා ගන්න පුළුවන් වුණා. ඒක තමයි අපේ හයිය. ශ්‍රී.ල.නි. පක්‌ෂයේ හිටපු නායකයන් වන මහින්ද මහත්තයාට හා චන්ද්‍රිකා මැතිණියට ආපසු ජනාධිපතිවරණයකට ඉල්ලන්න බැහැ. මේ මැතිවරණය ගම ශක්‌තිමත් කරන මේ අඩුපාඩු හදා ගන්න තියෙන මැතිවරණයක්‌. මේ මැතිවරණයේදී ශ්‍රී.ල.නි. පක්‌ෂයේ මන්ත්‍රීවරයකු හදාගතහොත් තමයි ගමට වැඩක්‌ කරන්න පුළුවන් වන්නේ.“ යැයි ඇමැතිවරයා වැඩිදුරටත් පැවසී ය.
« PREV
NEXT »