BREAKING NEWS
latest

728x90

468x60

Sunday, December 24, 2017

හිටපු ජනපතිගේ සමලිංගික විහිළු

මේ ආකාරයට මතුපිටින් බැසිල් රාජපක්‍ෂට පහර දීමේ ස්වභාවයක් පෙන්නුම් කළත්, ඇත්ත වශයෙන්ම යටින් තවමත් ශ‍්‍රීලනිපය ඉන්නේ ඒකාබද්ධය හා එකතුවීමේ වුවමනාවෙනි. ඒ කාරණය පැහැදිලි කරමින්, පසුගිය සතියේ ආණ්ඩුවේ ඉහළ නායකයකු දුරකතනය හරහා බැසිල් රාජපක්‍ෂ සමග සාමීචියකට පොටක් පාදාගන්නට හැදු බවද දැනගන්නට තිබේ. ඒ සම්බන්ධය හැදුවේ, රාජපක්‍ෂ පිළේ අන්තේවාසිකයකු හැටියට කටයුතු කරන පැපිලියාන පැත්තේ පන්සලක ප‍්‍රකට හිමිනමක විසින් බවද දැනගන්නට තිබේ. එහෙත් වාර්තා වන අන්දමට බැසිල් රාජපක්‍ෂ විසින් ආණ්ඩුවේ ප‍්‍රබලයා නොසලකා හැරීමෙන් කතාව ලත් තැනම ලොප්වී තිබේ.’

මේ විදියට ගිය සතියේ මනුවර්ණ ලිව්වේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන බැසිල් රාජපක්‍ෂ සමග දුරකතනයෙන් කතාකිරීම ගැනය. පසුගිය ඉරිදා සන්ඬේ ටයිම්ස් පුවත්පතද මේ කතාබහේ ඇතැම් විස්තර දක්වා තිබුණි.
කතාබහට මැදිහත්කාරකයා වි තිබුණේ මැදගොඩ අභයතිස්ස හිමිය. එහිමියන්ට ‘රාජපක්‍ෂ පිළේ අන්තේවාසිකයකු’ හැටියට හැඳින්වීමක් දීම හැම අතින්ම උචිතය. එහිමියන්ගේ පැවිදි දිවියේ එකම ආරම්මණය වී තිබෙන්නේ එක්කෝ මහින්ද, නැතිනම් ගෝඨාභය වැනි රාජපක්‍ෂ කෙනකු යළිත් බලයට ගෙනඒමය. එහිමියන්ගේ පන්සලේ මෑතකාලීන ප‍්‍රතිසංස්කරණ මුළුමනින්ම කරදී ඇත්තේ හමුදා සෙබළුන් විසිනි. ඒ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් හැටියට ගෝඨාභය රාජඵක්‍ෂ සිටි කාලයේදීය. එහිමියන් වාසය කරන පැපිලියානේ සුනේත‍්‍රාදේවි විහාරයට අයත්, කඩකාමර 30කින් පමණ යුත් බොරලැස්ගමුව හන්දියේ පිහිටි දෙමහල් ගොඩනැගිල්ල මුළුමනින්ම ගොඩනගා දුන්නේ රජයේ විදයමෙන් වැටුප් ලැබූ හමුදා සෙබලූන් යොදවා ගෝඨාභය රාජපක්‍ෂ විසිනි.

මීට පෙරද මනුවර්ණ මේ ගැන ලියූ අවස්ථාවකදී දුරකතනයෙන් කතා කළ පැපිලියානේ බෞද්ධ කාන්තාවක්, ‘හමුදාවෙන් මෙ සෙබළුන් යෙදෙව්වා නම් හමුදාවෙන්ම දවල්ට කන්නත් දෙනවානේ. ඒත් මේ පන්සලට අපෙන් සලාක දානය ඉල්ලනකොට කියනවා, සීයකට ආසන්න පිරිසකට දානය අවශ්‍යයි කියලා. ඒ වැඩිපුර කෑම මේ සෙබළුන්ට. එතකොට මේ සෙබළුන්ට හමුදාවෙන් දෙන ආහාරවල මුදල් කොහේටද යන්නේ? මේක ලියන්න, මම දැන් මේ පන්සලට දානේ දෙන එක නැවැත්තුවේ ඔය හේතුව හින්දා.’යි කීවාය. මහින්ද රාජපක්‍ෂ මහතා සමග දැන් එකතුවී සිටින සියලූ දෙනාම පාහේ ඔහුගේ ආණ්ඩුව තිබුණු කාලයේ ඉතා හොඳින් හරිහම්බ කරගත් පුද්ගලයන් බව කිසිවකුට රහසක් නොවේ. ඒ නිසා මහින්දගේ නායකත්වය නැති ආණ්ඩුවක් ගැන හිතාගැනීමටවත් ඔවුන්ට නොහැකිය. තමන් රිසි සේ වරදාන සම්පත් ආණ්ඩුවේ මුදලින් එහෙම නැත්නම් මහජන මුදලින් ලබාගත හැක්කේ රාජපක්‍ෂවරුන් බලයේ සිටියහොත් පමණකි. මැදගොඩ සුමනතිස්ස හිමි වැනි අය දැන් රාජපක්‍ෂවරුන් වෙනුවෙන් මේ තරම් ආරක්‍ෂාව සැලසීම සිදුවන්නේද ඒ මහජන දේපල මංකොල්ලකෑමේ අරමුණෙන් මිස වෙනත් කාරණයක් නිසා නොවේ.

ඒකාබද්ධ විපක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය එකට එකතු කරන්නට මැදගොඩ අභයතිස්ස හිමි හා තවත් කුඩා පිරිසක් එකතුවී වැඩ කිරීම තවමත් නැවතී නැත. ඉහත කී දුරකතන ඇමතුම සිදුවන්නේද ඒ ව්‍යාපෘතියේ කොටසක් හැටියටය. තමාට අදාළව එකිනෙකා කියන කිසිදු වැදගැම්මක් නැති දේවලට පවා ප‍්‍රසිද්ධ සභාවලදී ප‍්‍රතිචාර දක්වන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, බැසිල් රාජපක්‍ෂට තමා දුරකතනයෙන් ඇමතුවාය යන්න එවැනි සභාවකදීවත් තවමත් ප‍්‍රතික්‍ෂෙප කොට නැත. එහි තේරුම සිදුවීම නිවැරදි බවයි.

එයින් පෙනෙන්නේ ජනාධිපති සිරිසේන දුර්වලවී තිබෙන තරමය. ශ‍්‍රීලනිපය හැටියට තමාගේ ආණ්ඩුව තුළ සිටින ඇමතිවරුන් සැලකිය යුතු පිරිසක් ඕනෑම මොහොතක ඒකාබද්ධ විපක්‍ෂයට එකතු විය හැකි බව ජනාධිපතිවරයා දනියි. ඒ වාගේම පළාත් පාලන මැතිවරණයේදී තමන්ගේ කණ්ඩායම ඡුන්දය අතින් ුන්වැනි තැනට ඒමට ඇති ඉඩකඩද අඩු නැති බව ජනාධිපතිවරයා දනියි. මේ නිසා, අවමානයෙන් ගැලවීමේ එකම මාර්ගය හැටියට ජනාධිපතිවරයා කල්පනා කරනවා ඇත්තේ කොහොම හරි ඒකාබද්ධ විපක්‍ෂය සමග එකතු වීමය.

එහෙත්, මේ වන විටත් මුලින් නාමයෝජනා භාරගැනුණු පළාත් පාලන ආයතන 93ටම පාහේ පොදු ජන පෙරමුණ හෙවත් ඒකාබද්ධ විපක්‍ෂයෙන් නාමයෝජනා බාරදී අවසන්ය. ඒ නිසා, පළාත් පාලන ඡුන්දයට පෙර ඒකාබද්ධ විපක්‍ෂය හා ශ‍්‍රීලනිපය අතර සම්මුතියක් ඇතිකරගන්නට තවත් ඉඩ නැති බව පෙනෙයි.
ඒකාබද්ධ විපක්‍ෂය සිටින්නේ කියන කරන තරම් ශක්තිමත් තැනක නොවන බව මනුවර්ණ පසුගිය සතියේද ලිව්වේය. සතිය ගතවන විට ඒ තත්ත්වය තවත් තහවුරු විය. මෙතෙක් ඒකාබද්ධ විපක්‍ෂය සමග සිටි දිගාමඩුල්ල දිස්ත‍්‍රික්කයේ ශ‍්‍රියානි විජේවික‍්‍රම මන්ත‍්‍රිනිය ජනාධිපතිවරයා වෙත ගොස් බුලත් අතක් දී ශ‍්‍රීලනිපයට බැඳුණාය. ප‍්‍රදේශයේ පළාත් පාලන ආයතන සඳහා තමාගේ ආධාරකරුවන්ට නාමයෝජනා ලබාදීම ප‍්‍රතික්‍ෂෙප කිරීම නිසා ඇය ඒ තීරණයට එළැඹුණු බව කියැවෙයි. ඇය මහජන එක්සත් පෙරමුණෙන් පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කොට පාර්ලිමේන්තුවට ආ මන්ත‍්‍රීවරියකි. ප‍්‍රදේශයේ ශ‍්‍රීලනිප බලවතා වන විමලවීර දිසානායක මහතා සමග ඇතිවුණු නාමයෝජනා අවුලක් ඇගේ පක්‍ෂ මාරුකිරීමට හේතුවී තිබේ. ඇගේ පක්‍ෂ මාරුකිරීම සමග ඒකාබද්ධ විපක්‍ෂය තුළ සිදුවෙමින් පවතින අවුල් මහජන අවධානයේ මතුපිටට පැමිණ තිබේ. විශේෂයෙන් ඒකාබද්ධ විපක්‍ෂය තුළ සිටින ශ‍්‍රීලනිප පාර්ශ්වයේ නායකයන් කුඩා පක්‍ෂ කෙරෙහි දක්වන කුඩම්මාගේ සැලකිල්ලද මෙයින් පිළිබිඹු වෙයි.

ඒකාබද්ධ විපක්ෂයේ සිටින කුඩා පක්‍ෂවල නායකයන් දෙදෙනකුම දැනටමත් විජේවික‍්‍රම මහත්මියගේ වෙන්වීම ගැන චෝදනාව එල්ල කර ඇත්තේ ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැම් පුද්ගලයන් දෙසටය. ගම්මන්පිල මහතා පැවසුවේ, ඇය ගියා නොව යන තැනට වැඩ සැලැසුවාය යන්නයි. දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප‍්‍රතිචාරය ඊටත් වඩා සැර එකක් විය. ඒ ගැන කතාකරන්නට ගියහොත් බොහෝ දේ හෙළිකරන්නට සිදුවන බව ඔහු කීවේය. ඒ අතර පැල්මඩුල්ලේ මෙතෙක් ඒකාබද්ධ විපක්‍ෂය සමග සිටි ප‍්‍රාදේශීය දේශපාලකයන් කිහිප දෙනකු ඉන් ඉවත්වී ශ‍්‍රීලනිපයට එකතු වුණේය. එය ප‍්‍රදේශයේ ඒකාබද්ධ විපක්ෂයේ සංවිධාන කටයුතුවලට තදින් බලපාන බව ප‍්‍රදේශවාසීන්ගේ අදහසයි. මේ ආකාරයට ඒකාබද්ධ විපක්ෂය තුළ හෙවත් පොදු ජන පෙරමුණ තුළ බලවත් අර්බුද ඇතිවෙමින් නැතිවෙමින් හා නැවතත් ඇතිවෙමින් යයි.

මේ අභ්‍යන්තර අර්බුද හරහා පිටතට පෙනෙන සැලකිය යුතු කාරණා කිහිපයක් තිබේ.
එකක් නම්, ඒකාබද්ධ විපක්‍ෂයේ කිසිවකුට තමන් තදින් බැඳී සිටින, රට ඉදිරියට ගෙනයෑම සඳහා අවශ්‍ය වන ආචාරධර්මීය හෝ යහපත් දේශපාලන අරමුණු කිසිවක් නැති බවය. ඔවුන් සියල්ලන්ටම අවශ්‍ය වී තිබෙන්නේ, තමන්ගේ ගොඩ වැඩිකර ගැනීමත්, හැකි සියලූ අවස්ථා තමන් වෙත ඩැහැගැනීමත්, ඊළඟ තමන්ගේ ආණ්ඩුවක් ඒවියැයි හිතන කාලයක ඉස්සරහ පුටු හිමිකර ගැනීමට සටන් වැදීමත්ය. ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් කියන්නේ, මේ පළාත් පාලන ඡුන්දය වර්තමාන ආණ්ඩුවේ ගමන් මග වැරදි යැයි පෙන්වන ජනමත විචාරණයක් කරගත යුතු බවය. එහෙත්, එවැනි ජනමත විචාරණයකට ඒකාබද්ධ විපක්‍ෂය විසින් ඉදිරිපත් කරන රට ගොඩනැගීමේ න්‍යාය පත‍්‍රය කුමක්ද? කිසිවක් නැත. 2015 ජනවාරියේත් අගෝස්තුවේත් ඔවුන් සිටි ජරාජීර්ණ තත්ත්වයට වඩා අඩියක්වත් හොඳ පැත්තට ඉදිරියට යන්නට පසුගිය අවුරුදු තුනක කාලය තුළ ඔවුන්ට හැකිවී තිබේද? මේ මැතිවරණ ව්‍යාපාරයේදී මෙන්ම මෙතෙක් ආ ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාරයේදීද ඔවුන් හැසිරෙන අන්දමින් පැහැදිලිව පෙනෙන්නේ පරණ කුණු වළෙහිම ලැගසිටිමින් අනුන්ගේ වැරදි පමණක් කියන ආකාරයක් මිස අන් කුමක්ද? 2015දී තමන් පරාජය වුණේ, තමන්ගේ කිසිම වරදක් නැතිව හුදෙක් අනුන්ගේ කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් ලෙස ඔවුන් තවමත් සිතා සිටින බව පෙනෙයි. මෙවැනි පසුගාමී හා ජරාජීර්ණ දේශපාලන බලවේගයකට රට නැවත භාරදීමෙන් ඇති පලය කුමක්ද?

2015න් පසු බිහිවුනු ආණ්ඩුව, ඒ කෙරෙහි මහජනතාව විසින් තබා තිබුණු බලාපොරොත්තු කන්දෙන් කොටසක්වත් මේ වන තෙක් ඉටුකර නැති බව පැහැදිලිය. ඒ වාගේම මේ ආණ්ඩුව තුළත් වංචනිකයන් දුෂිතයන් බොහොමයක් සිටින බවත් ඇත්තය. එහෙත්, සාධාරණව තේරුම් ගත යුතුව ඇති කාරණය නම්, බකල ගසමින් වුණත් සමස්තයක් හැටියට රට ඉදිරියට යමින් තිබෙන බවය. එය මහින්ද රාජපක්‍ෂ සමයේ රට ගෙනයමින් තිබුණු පැත්තට විරුද්ධ පැත්තට රට ගෙනයෑමකි. දේශපාලන හැලහැප්පීම් තිබෙනවා ඇත්තය. එහෙත් බරපතළ කිසිවක් සිදුනොවේ. එවැනි දෙයක් සිදුවීමට අවශ්‍ය තරම් ගැඹුරට ගිය පසමිතුරුකමක් ආණ්ඩුවේ පාර්ශ්ව තුළ ඇත්ත වශයෙන්ම නැත. සාමාන්‍ය දේශපාලන හැලහැප්පීම්, මීටත් වඩා බරපතළ දේශපාලන අර්බුද රාශියක් පසුගිය කාලය පුරාම ලංකාව පසු කරගෙන පැමිණියේය. කුමන තරමේ දේශපාලන අවුල් ඇතිවුණත් රට අරාජක වුණේ නැත. කවර ව්‍යසනයකට මුහුණ පෑවද රට අරාජක නොවී පවත්වාගෙන යෑමේ පළපුරුද්දක් හා සම්ප‍්‍රදායක් තවමත් රටේ තිබේ. ඒ හැකියාව ලැබී තිබෙන්නේ එක්තරා ආකාරයකට ලංකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන විශ්වාසය තබන දේශපාලකයන්ගෙන් මෙන්ම මහජනතාවකගෙන්ද, රාජ්‍ය නිලධාරි කුලකයකින්ද යුක්ත නිසාය. 2015 ජනවාරි 8 වැනිදා රාත‍්‍රියේ, හමුදාව යොදවා සිය දේශපාලන බලය තවදුරටත් පවත්වා ගැනීමේ රාජපක්‍ෂ කුමන්ත‍්‍රණය වැලකුණේද ලංකාවේ රාජ්‍ය නිලධාරීන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය කෙරෙහි තබා ඇති විශ්වාසය නිසාය. ඒ නිසා, හෙටානිද්දා ආණ්ඩුව බිඳවැටේය, රට අරාජක වනු ඇත යනුවෙන් ජනතාව තුළ බියක් ඇතිකොට එයින් සිය දේශපාලන මල්ල පුරවා ගැනීමට කුමන දේශපාලකයකු සැරසුණත් එවැන්නක් සිදු වන්නේ නැත.

ඒකාබද්ධ විපක්‍ෂයේ අභ්‍යන්තර අර්බුද හරහා පිටතට පෙනෙන අනෙක් කාරණය නම්, ආරම්භයේ සිටම ඔවුන් යන්නේ ශක්තිමත් වන මගක නොව දුර්වල වෙමින් පවතින මගක බවය. හුදු අණන්ඩු විරෝධයක් පමණක් තුළ යා හැකි මග මීට වඩා වෙනස් දෙයක් ද නොවේ. ඒකාබද්ධ විපක්‍ෂයේ හැසිරීම්වලින් පෙනෙන්නේ ඔවුන්ට දර්ශනය සපයන බුද්ධිමතුන් උගතුන් කිසිවකු ඔවුන් සමග නැති බවය. නැතිනම් එවැනි බුද්ධිමතුන්ගේ උපදෙස් හා මගපෙන්වීම් නොසලකා හැර ඔවුන්ට කුණුබක්කිය හිමිකර ඇති බවය. ජනතාව රැුස්වන මහා වේදිකාවල හිටපු ජනාධිපතිවරයාත්, අනෙක් නායකයනුත්, ගැහැනුන්ගේ ඇසුර, සමලිංගිකයන්ගේ ඇසුර වැනි දේ ගැන අන්ත ජුගුප්සාජනක කතා කියන්නේ මහජන අත්පොලසන් හඬ මධ්‍යයේය. අද ලෝකය පුරා සමලිංගික ඇසුර හා එහි නීතිමය තත්ත්වය ගැන අලූත් දැනුම් සම්භාරයක් හා නවීන නීති පද්ධතියක් හමායද්දීත් මේ දේශපාලකයන්ගේ කටට මෙවැනි ග‍්‍රාම්‍ය වචන හා පසුගාමී අදහස් පැමිණීමත්, ඔවුන්ගේ කුණු කතාවලට අත්පුඩි ගසන ජනතාවක් සිටීමත් විසින් පෙන්වන්නේ ඒකාබද්ධ විපක්‍ෂය වනාහි හිසක් නැති කවන්ධයක් පමණක් වීමේ ඉරණමෙන් තවමත් ගැලවී නැති බව නොවේද?

පොදු ජන පෙරමුණ නමින් ඒකාබද්ධ විපක්‍ෂය පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීම නිමිත්තෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන එහි මාධ්‍ය ප‍්‍රකාශක මෙසේ කියයි.

‘මහින්ද රාජපක්ෂ මැතිතුමන් කෙරෙහි වූ කීර්තිමත් ජනතා ප‍්‍රසාදය, තුන් අවුරුද්දක් තිස්සේ සියලූ ක්ෂේත‍්‍රයන් සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් ප‍්‍රකට කළ සිය අසමත්භාවය සහ යහපාලන ප‍්‍රතිපත්ති කෙරෙහි විශ්වාසය තබා වත්මන් ආණ්ඩුව බලයට පත් කළ ජනතාවගේ දැවැන්ත කලකිරීම යන ත‍්‍රිවිධාකාර වූ සාධක මත ගොඩනැගුණු මහා ජනපදනම ගොනුවී ඇත්තේ අප වටා බව ඉතා පැහැදිලිය.

ඊට අමතරව මේ මොහොතේ පවතින තත්වයන් පිළිබ`ද සලකා බලා මැතිවරණයකදී දේශපාලන තීන්දු ගන්නා පාවෙන ඡුන්ද පදනමද මේ වනවිට මහින්ද රාජපක්ෂ මැතිතුමන් ප‍්‍රමුඛ අප සංධානය වෙත නැඹුරු වී අවසන්ය. මේ සියලූ දේශපාලන කරුණු තුළින් තහවුරු වන්නේ අපගේ ජයග‍්‍රහණයයි.’

තමන්ට ඇති ජනතා පිළිගැනීම ගැන අල්ප මාත‍්‍ර තක්සේරුවක්වත් නැතිව ඒකාබද්ධ විපක්‍ෂය කටයුතු කරන ආකාරය මේ ප‍්‍රකාශයෙන්ද පැහැදිලි වෙයි. ඔවුන් දැන් සිතන බව පෙනෙන්නේ ‘මැතිවරණයකදී දේශපාලන තීන්දු ගන්නා පාවෙන ඡුන්ද පදනමද මේ වනවිට අප සන්ධානය වෙත නැඹුරු වී අවසන්ය’ කියාය. ඡුන්ද රැුස්වීම්වලට එන සෙනගින් ජයග‍්‍රහණ මනින්නේ නම් 2015දී ජයගත යුතුව තිබුණේ මහින්ද රාජපක්‍ෂය. ඒ වාගේම වර්තමාන ආණ්ඩුව ගැන කලකිරී සිටින පාවෙන ඡුන්ද පදනමද තමන් වෙත නැඹුරුව සිටින්නේයැයි කියන මුලාව ගැන ඒකාබද්ධ විපක්ෂයට ඇති තක්සේරුව කුමක්ද? ඇත්ත නම්, මේ ආන්ඩුව ගැන කොයිතරම් අපැහැදුණත්, 2015 සිටි හැට දෙලක්‍ෂය ආපසු රාජපක්‍ෂ පාලනයක් වෙත නැඹුරුවන්නට නම් කිසිම හේතුවක් නැති බවය.

රාවය පුවත්පත ඇසුරෙණි
« PREV
NEXT »