Tuesday, January 30, 2018
Home
Gossip Lanka News
2020 වෙනකම් ජනාධිපති සමග ජාතික ආණ්ඩුව කරනවා - හිගුරක්ගොඩටත් නව ජාත්‍යන්තර ගුවන් තොටුපලක්
2020 වෙනකම් ජනාධිපති සමග ජාතික ආණ්ඩුව කරනවා - හිගුරක්ගොඩටත් නව ජාත්‍යන්තර ගුවන් තොටුපලක්
-
Tuesday, January 30, 2018
2020 වනතුරුම ජාතික ආණ්ඩුව පවත්වාගෙන යාමටත් බලය පවත්වා ගැනීමටත් අපි තීරණය කල බව අගමැති පවසනවා. පාර්ලිමේන්තුවේ බලය ආරක්ෂා කර ගන්නා අතරම ආණ්ඩුව තුල ඇති සමගියත් ආරක්ෂා කර ගැනීමටත් , මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා සමග එකට වැඩකටයුතු කිරීමට තීරණය කල බවයි ඔහු සදහන් කරන්නේ.
“මහවැලිය ආදි ව්‍යාපෘති ආරම්භ කළා. එය සාර්ථකව අවසන් කළේ එක්සත් ජාතික පක්ෂය යටතේයි. තවත් ජලාශ ව්‍යාපෘති 02ක් ආරම්භ කළා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ආරම්භ කළ මොරගහකන්ද ව්‍යාපෘතිය ඉන් එකක්. මහින්ද රාජපක්ෂ එම ව්‍යාපෘතිය නතර කිරීමට හැදුවත් අපේ ජාතික ආණ්ඩුව යටතේ එය අවසන් කිරීමට හැකි වූ බව එතුමා පැවසුවා.
එක් ප්‍රදේශයකට ජලය ලබා දීමේ වැඩකටයුතු සිදු කරන විට තවත් ප්‍රදේශයක ජනතාවට නියඟයන්ට මුහුණ දීමට සිදුව ඇති බවත් මෙම තත්වය දකුණු ඉන්දියවෙත් දැකිය හැකි බවයි අගමැතිගේ අදහස. ලෙව පුරා දේශගුණික වෙනස්වීමක් ඇතිව තිබීම ඊට හේතුවයි. එම තත්වය පවතින්නේ තාවකාලිකව ද දීර්ඝකාලීනවද යන්න අපට පැවසිය නොහැකියි. නමුත් සාමාන්‍යයෙන් පෙනී යන්නේ තව කන්න 02 – 03ක් පමණ මෙම තත්වය පවතිනු ඇති බවයි වැඩිදුරටත් අගමැති පවසන්නේ.
“සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් හිඟුරක්ගොඩ ගුවන් තොටුපල දියුණු කරනවා. එම කර්මාන්ත සහ සංචාරක කලාපවල රැකියා කිරීමට අවශ්‍ය පුහුණුව අපි අපේ තරුණ තරුණියන්ට ලබා දෙනවා. පළමුවෙන් මෙම සංවර්ධන වැඩකටයුතු මහනුවර සිට හම්බන්තොට දක්වා ආරම්භ කරනවා. දෙවනුව මහනුවර සිට ත්‍රිකුණාමලය දක්වා වැඩකටයුතු ආරම්භ කරනවා. එසේ නම් ලෝකයේ හොඳම වරායන් 03ක් සහිත රටක් බවට ශ්‍රී ලංකාව පත් වෙනවා. ඒ ත්‍රිකුණාමලය, කොළඹ, හම්බන්තොටයි යන වරායන්” බවයි එජාප නායකයා පවසන්නේ.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...