BREAKING NEWS
latest

728x90

468x60

Saturday, January 13, 2018

මෛත‍්‍රී හයක් හිටියොත් 2021 ජනාධිපතිවරණයට මහින්ද රාජපක්‍ෂ ස්ථිරයි

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ධුර කාලය වසර හයක් යයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කලහොත් 2021දී පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට තරග කල හැකි බව නීතීවේදීන් විසින් රාජපක්‍ෂ මහතාට පෙන්වා දී ඇත.

19 සංශෝධනය මෛත‍්‍රීපාල සිරිසේන මහතාට බල නෙපාන්නේනේ යම් සේද මහින්ද රාජපක්‍ෂ, චන්ද්‍රිකා කුමාරතුංග යන මෙරට සිටි ජනාධිපතිවරුනටද එම සංශෝධන බල නොපානු ඇති බව ඔවුනගේ මතයයි.

19 වන සංශෝධනය සම්මත වූවවායින් පසු තත්වයන් පමණක් ඉන් ආවරණය කෙරෙන්නේ යයි උපරිමාධිකරනයේ නිගමනය වුවහොත් රාජපක්‍ෂ මහතාට කිසිදු ගැටළුවකින් තොරව නැවතත් ජනාධිපතිවරණයට තරග කල හැකි ඔවුන් පෙන්වා දී ඇත.

කෙසේ වෙතත් රාජපක්‍ෂ මහතාගේ අදහස වී ඇත්තේ 19 සංශෝධනයෙන් මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ධුර කාලය වසර පහක් වීම ස්ථිර බවයි. තමනට තවත් වරක් තරග කිරීමට අවස්ථාවක් ලදොත් ඒ ගැන පසුව සලකා බලන බවද ඔහු සදහන් කර තිබේ.
« PREV
NEXT »