BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, January 16, 2018

නීතිපති, Benz එකකට ව්‍යවස්ථාව වෙනස් කරන්න හදලා?

ජනාධිපති ලේකම් කාර්යාලය මැදිහත්වීමෙන් නීතිපති ජයන්ත ජයසූරිය මහතාට හයිබ්‍රිඩ් බෙන්ස් රථයක් පාවිච්චිය සදහා ලැබී ඇතැයි වාර්තා වේ.

නීතිපතිවරයා මෙතෙක් භාවිතා කරමින් සිටි මෝටර් රථය නීතීපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ලිවේරා මහතාට ලබා දී ඇතැයි ද වාර්තා වේ.

කෙසේ නමුත්, මෙම ගණුදෙනුවෙන් උරණ වූ අතිරේක සොලිස්ටර් ජෙනරාල් යසන්ත කෝදාගොඩ විසින් දප්පුල ලිවේරා මහතාට බෙන්ස් රථය දීම සම්බන්ධයෙන් විරෝධය පළ කර ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස යසන්ත කෝදාගොඩ මහතාටද ජනාධිපති ලේකම් කාර්යාලය විසින් free-lander වර්ගයේ වාහනයක් ලබාදී තිබේ.

මෙම තුට්ටු දෙකේ වාහන ගණුදෙනුව සිදු වී ඇත්තේ ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 6 ක් දක්වා දීර්ඝ කරගැනීමට කරන අල්ලසක් ලෙසිනි.

ඇටෝර්නි ජෙනරාල් දෙපාර්තමේන්තුවේ අවංක නිලධාරීන් මෙම තුන් කට්ටුවේ මෝටර් රථ එම දෙපාර්තමේන්තුවේ රථ වාහන ගාලේ නවතා තිබෙන විට ප්‍රකාශ කරනුයේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමට මෙච්චර ලාබෙට මිලදී ගත හැකි මෙම නිලධාරීන් වීදි ගණිකාවන්ටත් එහා බවයි.

(දේශපාලන වාර්තාකරු)
« PREV
NEXT »