BREAKING NEWS
latest

728x90

468x60

Thursday, January 04, 2018

අපේ ආණ්ඩුව වුණත් වරදක් කළා නම් දඬුවම් දෙන්න සූදානම් - ඇමැති අර්ජුන

මේ ආණ්ඩුව වුණත් වරදක් කළානම් ඊට දඬුවම් දීමට අගමැතිතුමා සහ ජනාධිපතිතුමා සූදානම් බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. එතුමා මේ බව කියා සිටියේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සපුගස්කන්ද පිරිපහදුවේ සේවක හමුවකට එක් වෙමිනි.


“මේ ජාතික ආණ්ඩුව මගේ ජීවිතේ තිබුණු ලොකුම ආසාවක්. අපි හැමදාම පක්ෂ බදා ගෙන මරා ගන්නවා .ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිනපු දවසට යූ.එන්.පී කට්ටියට ගහලා මරනවා, තුවාල කරනවා. යූ. ඇන්. පී. දිනපු දවසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයට ගහනවා. එය අත්දකින්න ලබපු කෙනෙක් මම. නමුත් අද අපි ඒ සංස්කෘතිය වෙනස් කරලා තියෙනවා. අද අපේ රට අභි‍යෝග මැද අළුත් ගමනක් යමින් තිබෙන්නේ. 

තමුන්නාන්සේලාට කියන්න ඕන, මේ අවුරුද්ද අපේ ඉතිහාසේ වැඩියෙන්ම ණය වාරික ගෙවන්න තියෙන අවුරුද්දක්. හැබැයි අපි පුළුවන් තරම් මේ ණය ප්‍රශ්නය කළමණාකරණය කිරීමට අපි උත්සාහ ගන්නවා. රටේ ජනතාවට ණය බර නොදී මේ ණය ගෙවන්න කටයුතු කරනවා. පසුගිය අවුරුදු දෙකේදී මේ ණය ප්‍රශ්නය විසඳීමට අපේ ආණ්ඩුව, කැබිනට් මණ්ඩලය පුදුම කැපවීමකින් කටයුතු කළා. කැබිනට් මණ්ඩලය විතරක් නෙමෙයි ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් රටේ දියුණුවට විශාල කැපවීමක් කළා. මං එක වෙලාකට හිතනවා මොන කෙහෙල්මලකටද මේ ජනාධිපති වෙන්නේ. මොන කෙහෙල්මලකටද මේ අගමැති වෙන්නේ.

 මං මේ අමාත්‍යාංශයක් අරගෙන මට තියෙන හිසරදය කොච්චරද ? නමුත් අපේ මේ නායක‍යින් දෙදෙනා ප්‍රධාන පක්ෂ දෙක එකතු කරගෙන තුන්වැනි ප්‍රධාන පක්ෂයත් එකතු කරගෙන, විශේෂයෙන්ම උතුරේ පක්ෂද දකුණේ පක්ෂද කියන්නේ නැතුව සිංහලද, දෙමළද, මුස්ලිම්ද කියන්නේ නැතුව සියලුම පක්ෂ එකතු කරගෙන අද මේ රට වෙනස් තත්වයකට ගෙනහිල්ල තියනවා. අඩුපාඩු තියනවා. මමත් සමහර වෙලාවට කලකිරිලා ඉන්නවා හොරු අල්ලලා නෑ කියලා. ඒක මට තියන ලොකුම ප්‍රශ්නයක්. නමුත් අපේ ආණ්ඩුවේ වුණත් වැරැද්දක් කළානම් ඊට දඩුවම් දෙන්න අපේ ජනාධිපතිතුමයි අගමැතිතුමයි අද තීරණ අරගෙන තියනවා....” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග පැවසීය.

« PREV
NEXT »