BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, January 03, 2018

සිරිසේන ජනපතිතුමෝ පියසේන ගත්ත ගමන් පිස්සු කෙළී - නාගොඩ පොලිසියේ දී යකා නටයි - පුදනකොටම කාපි යකා

පෙරෙයිදා (01) සවස ගාල්ල නාගොඩ ප්‍රදේශයේ දී නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන රාජ්‍ය ඇමති පියසේන ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනහමුවක් පවත්වා ඇත.

එම ජනහමුවට සහභාගීවීමට පැමිණි පිරිස් හෙල්මට් නොමැතිව යතුරුපැදිවලින් ගමන්කර ඇත. අදාළ පිරිස් නාගොඩ පොලීසිය ආසන්නයේදී පොලිස් නිලධාරීන් විසින් නවත්වා හිස්වැසුම් නොමැතිව ධාවනය කිරීමේ වරදට දඩ පත් නිකුත් කර ඇත.

මේ බව ආරංචි වූ පියසේන ගමගේ රාජ්‍ය අමාත්‍යවරයා නාගොඩ පොලීසියට පැමිණ අදාළ දඩපත් නිකුත් කළ පොලිස් නිලධාරීන් අමතා "සක්කිලි තොපි කොහොමද මගේ රැස්වීම්වලට එන මිනිස්සුන්ට දඩ කොළ දෙන්නේ" ආදී වශයෙන් පවසමින් පොලිස් නිලධාරීන්ට තර්ජනය කර ඇත.



පුදනකොටම කාපි යකා

ගාල්ලේ නීතිය ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරීන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන්ගෙන් අපල උපද්‍රව ඇතිවීම පසුගිය කාලවලදීත් දක්නට ලැබුණි.

නිශාන්ත මුතුහෙට්ටිගම මන්ත්‍රීවරයා නිසා බැට කෑ වඳුරඹ පොලිස් ස්ථානාධිපතිවරයා එසේ දේශපාලන අපල උපද්‍රවවලට මුහුණ දුන් එක් අයෙකි. හේමාල් ගුණසේකර නියෝජ්‍ය අමාත්‍යවරයාට දඩ පත්‍රිකා ලබා දුන් පොලිස් නිලධාරියාට අත්වූ ඉරණම අපට තවම මතකය.

දැන් ගාල්ලේ පොලිස් රාජ්‍ය ඇතිගේ ගොලයින්ට දඩකොළ නිකුත් කළ පොලිස් නිලධාරියා මීලඟ වින්දිතයා බවට පත්වෙමින් තිබෙන බවට වාර්තා වෙයි.

යහපාලන ජනපතිතුමනි ඔබේ අවධානය පිණිසයි.
« PREV
NEXT »