BREAKING NEWS
latest

728x90

468x60

Friday, January 26, 2018

හොර ඡන්ද සූදානමක්? නිල ඡන්ද පත්‍රිකා තොගයක් අල්ලයි?

මුලතිව් විශ්වමඩු උපතැපල් කාර්යාලයේ සිට බෙදා හැරීමට නියමිතව තිබූ නිල ඡන්ද පත්‍රිකා 288 ක් නිවසක තබා තිබියදී 25 දින සොයාගෙන පුදුකුඩිඉරිප්පු උපතැපල් කාර්යාලය වෙතට භාරදුන් බවට පුදුකුඩිඉරිප්පු පොලීසිය කියා සිටියේය.

මුලතිව් පුදුකුඩිඉරිප්පු විශ්වමඩු උපතැපල් කාර්යාලයෙන් පුදුකුඩිඉරිප්පු තේරාවිල්හි පවුල් 137 කට බෙදා දීමට නියමිතව තිබූ නිල ඡන්ද පත්‍රිකා 288 ක් කන්දයියා සුබාජන් නැම්ත්තෙකු විසින් ඡන්ද හිමියන්ට ලබා දීමට නියමිතව තිබින.

එම ඡන්ද පත්‍රිකා මුලතිව් විශ්වමඩු තේරාවිල් ප්‍රදේශයේ සින්නතම්බි කාන්දන් නැමත්තෙකුගේ නිවසේ දමා ගොස් තිබියදී අදාල ඡන්ද පත්‍රිකා තොගය පුදුකුඩිඉරිප්පු පොලීසියට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් සොයාගෙන ඇත.

කෙසේ වෙතත් සින්නතම්බි කාන්දන් නැමත්තාගෙන් අදාල ඡන්ද පත්‍රිකා නිවසේ තබා ගැනීම සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලීසිය මගින් කටඋත්තරයක් ලබාගෙන ඇති අතර ඡන්ද පත්‍රිකා අදාල පුද්ගලයාගෙ නිවසේ තැබීම සම්බන්ධයෙන් පරික්ෂණයක් ශ්‍රීලංකා තැපල් දෙපාර්තමේන්තුවේ උතුරු පලාත් නිලධාරීන් වෙතට කන්දයියා සුබාජන් නැම්ත්තා සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදුකිරීමටද පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ
« PREV
NEXT »