BREAKING NEWS
latest

728x90

468x60

Saturday, January 06, 2018

සපුගස්කන්ද පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිට මාරුවක්

සපුගස්කන්ද පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාට ස්ථාන මාරුවක් ලබාදීමට නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක නිර්දේශ කර තිබෙනවා. 

කෙසේ වෙතත්, මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ අවසරය අනුව, එම ස්ථාන මාරුව ක්‍රියාත්මක කරන ලෙසටයි අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත්තේ. 

ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී අශෝක රන්වල සහ සපුගස්කන්ද පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා අතර, ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේ මූලික වාර්තාව අද පෙරවරුවේ කොළඹ අපරාධ කොට්ඨාශය අමාත්‍යවරයා වෙත භාර දෙනු ලැබුවා. 

එම වාර්තාවේ නිර්දේශ සැලකිල්ලට ගනිමිනුයි අමාත්‍ය සාගල රත්නායක මෙම තීරණය ගෙන ඇත්තේ.
« PREV
NEXT »