BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, January 09, 2018

ජනාධිපති පත් කරන්න එජාපය කැප වුණද ඔහු පිළිබඳ අයිතිය එ.ජා.ප.යට නැහැ - දුමින්දගේ අමාත්‍යාංශය සම්පූර්ණයෙන්ම අසමත් - පාලිත රංගේ බණ්‌ඩාර

ජනාධිපතිවරයා පත් කිරීමට එක්‌සත් ජාතික පක්‌ෂය කැප වූවද ඔහු පිළිබඳ අයිතිය එජාපයට නොමැති බවත් පාර්ලිමේන්තුවේ බලය ශ්‍රීලනිපය ඇතුළු තවත් පක්‌ෂ කිහිපයකට පැවරී ඇති නිසාවෙන් මේ පවතින ආණ්‌ඩුව පාණ්‌ඩු ආණ්‌ඩුවක්‌ ලෙස හැඳින්වීමේ කිසිදු වරදක්‌ නොමැති බවත් වාරිමාර්ග හා ජල කළමනාකරණ රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්‌ඩාර මහතා පැවසීය.


මෙවැනි තත්ත්වයක්‌ තුළ ගමට උපරිම ප්‍රතිලාභ අත්කර දීම ගැටලුවක්‌ වී ඇති බවත් හෙතෙම සඳහන් කර සිටියේය.

කරුවලගස්‌වැව එජාප පක්‌ෂ මධ්‍ය බල මණ්‌ඩල රැස්‌වීම ඉකුත් 5 වැනිදා සිකුරාදා පැවති අතර එහිදී අදහස්‌ දක්‌වමින් ඇමැති රංගේ බණ්‌ඩාර මහතා මෙම කරුණු අනාවරණය කළේය.

පවතින තත්ත්වය වෙනස්‌ කර පාණ්‌ඩු ආණ්‌ඩුවට ප්‍රබල විකල්පයක්‌ ලෙස එජාප තනි රජයක්‌ පිහිටුවීමට එළැඹෙන පුංචි ඡන්දයේදී පළමු වෙඩි මුරය තැබිය යුතු බවද හෙතෙම කීවේය. 

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඇමැති පාලිත රංගේ බණ්‌ඩාර මහතා මෙසේද කීය.

ගමට සංවේදී අමාත්‍යාංශය කෘෂිකර්ම අමාත්‍යාංශයයි. කවුද ඇමැති? දුමින්ද දිසානායක. අමාත්‍යාංශය මුළුමනින්ම අසමත්. කන්න තුනක වගා හානියෙන් පීඩාවට පත් වූ ගොවි ජනතාව හතවන කන්නය පටන් ගත්තා. දැන් පොහොර ටික ලැබෙනතුරු සරම කැස පොට ගහගෙන ඉන්නයි ගොවීන්ට සිදු වෙලා තියෙන්නේ. මෙහෙම වෙන්න ඇමැතිවරු අවශ්‍යද මිත්‍රවරුනි.

වරායත් එහේ. ඒකේ නියෝජ්‍ය ඇමැතිත් එහේ. සමෘද්ධි ඇමැතිත් එස්‌. බී., ධීවර අමරවීරට. විදුලිය සියඹලාපිටියට. ගමට වැඩ කරන්න පුළුවන් සියල්ලම එහේ. මේවා ගමට රටට සේවය කරන්න තියෙන අමාත්‍යාංශ. ඒත් ඒවා මේ පාණ්‌ඩු ආණ්‌ඩුව තුළ එක්‌සත් ජාතික පක්‌ෂයට අහිමි වී තිබෙනවා. සමහරු අහනවා අපි මෙච්චර කල් මොනවද කළේ කියලා. අපිට ප්‍රාදේශීය සභාව, පළාත් සභාවත් තවම ලැබිලා නැහැ. ඒවාත් නැතිවයි මේ ගමන යන්නේ. ඒවායේ බලය තියෙන උදවිය කෙසේ ගියත් බලය නොමැති අපි ජන බලය සමඟ පක්‌ෂයේ පාර්ලිමේන්තු බලයද එක්‌ කරමින් රටට සේවය කරන්න සමත් වෙලා තිබෙනවා.

ඒ නිසා පාක්‌ෂිකයන් ලෙසත් රටේ පුරවැසියන් ලෙසත් තේරුම් ගත යුතු වන්නේ බාගෙට බලය ලැබුණු මේ ආණ්‌ඩුව පාණ්‌ඩු ආණ්‌ඩුවක්‌. එමෙන්ම එය වෙනස්‌ කරමින් 2020 දී එක්‌සත් ජාතික පක්‌ෂයේ තනි ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට පියවර ගත යුතුයි.

සුජීව තත්සර
« PREV
NEXT »