BREAKING NEWS
latest

728x90

468x60

Sunday, January 07, 2018

බැඳුම්කරයට දඬුවම් දෙන්න පාර්ලිමේන්තුව කැඳුවයි

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේදී පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම විසින් නීති විරෝධී ලෙස උපයාගත් බව කියන රුපියල් මිලියන 11,145 ක ලාභය යළි අය කර ගැනීම හා වැරදිකරුවන්ට දඬුවම් දීම කඩිනම් කිරීමට දහ නව වැනි ව්‍යවස්‌ථා සංශෝධනය හරස්‌ වී ඇතැයි ආණ්‌ඩුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්‌ 'දිවයින ඉරිදා සංග්‍රහය'ට ප්‍රකාශ කළේය.


මෙම අලාභය අය කර ගැනීම සඳහා නීතිමය ප්‍රතිශෝධනයක්‌ සිදු කළ යුතු බවට බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාව සිය වාර්තාවේ නිර්දේශ කර ඇත. සාමාන්‍යයෙන් මෙවැනි නීතිමය ප්‍රතිශෝධනයක්‌ පනත් කෙටුම්පතක්‌ වශයෙන් පාර්ලිමේන්තුව විසින් සම්මත කළ යුතු බව ඉහත ප්‍රකාශකයා කීවේය.

හදිසි පනත් කෙටුම්පතක්‌ ලෙස දිනකදී හෝ දින දෙකක්‌ තුළ මෙවැනි පනත් කෙටුම්පතක්‌ පාර්ලිමේන්තුව මගින් සම්මත කර ගැනීමේ අවස්‌ථාව දහනව වැනි ව්‍යවස්‌ථා සංශෝධනය මගින් අහෝසි කර ඇතැයි කී ඉහත ප්‍රකාශකයා එනිසා සාමාන්‍ය පනත් කෙටුම්පතක්‌ ඉදිරිපත් කරන ආකාරයට මෙය ඉදිරිපත් කළ යුතුව ඇතැයිද කීය.

දහ නවවැනි ව්‍යවස්‌ථා සංශෝධනයට අනුව සෑම පනත් කෙටුම්පතක්‌ම පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට යටත් පිරිසෙයින් දින දාහතරකට පෙර ගැසට්‌ නිවේදනයක්‌ මගින් ප්‍රසිද්ධ කළ යුතුය.

එමෙන්ම පනතක්‌ කෙටුම්පතක්‌ කිරීම, නීතිපතිවරයාගේ උපදෙස්‌ ලබා ගැනීම, ඇමැති මණ්‌ඩලය වෙත ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීම වැනි ක්‍රියා පිළිවෙතක්‌ද පනත් කෙටුම්පතක්‌ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර සිදුවේ. ඒ සඳහා අඩුම තරමින් මාස දෙකක පමණ කාලයක්‌ ගතවනු ඇතැයි කී ඉහත ප්‍රකාශකයා ඉන් පසු එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසුද විවාද කර සම්මත කර ගත යුත්තේ දින දාහතරකට පසුව බව කීවේය.

මේ අනුව බැඳුම්කර වංචාවට අදාළ මුදල් යළි අයකර ගෙන වැරදි කරුවන්ට දඬුවම් පැමිණ වීම පළාත් පාලන මැතිවරණයට පෙර සිදු කළ නොහැකි බව කී ඉහත ප්‍රකාශකයා ඒ සඳහා අඩුම තරමින් මාර්තු මාසය අවසන් වනතුරුවත් බලා සිටීමට සිදුවනු ඇතැයි කීවේය.
« PREV
NEXT »