BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, January 16, 2018

ජනපති කැබිනට්ටුවෙන් නැගිට යයි - අගමැති අතින් අල්ලාගෙන යලිත් කැදවාගෙන එයි.

එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු සිදුකර තිබෙන ප්‍රකාශවලට විරෝධය පළකරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් පිටවගොස් ඇති බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තාවේ.
ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ගොස් ජනාධිපතිතුමා සමග කෙටි වේලාවක් සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා යළිත් අමාත්‍ය මණ්ඩල රැස්වීමට පැමිණ එහි මුලසුන ගෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ කටයුතු නියමිත පරිදි සිදුකරගෙන ගොස් ඇති බවද දැනගන්නට ඇත.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද 16 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු අතර මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර සිද්ධිය සහ වර්තමාන දේශපාලන තත්වය පිළිබඳව ජනාධිපතිවරයා අදහස් දක්වා ඇති බව වාර්තාවේ.
ශ්‍රී ලංකා මහබැංකුවේ බැඳුම්කර නිකුතුව ගැන සොයාබැලීම සඳහා ජනාධිපති කොමිසමක් පත්කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂයට පහර ගැසීමට නොවන බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇති බව ද වාර්තාවේ.
මුදල් අක්‍රමිකතාවක් සිදුවී තිබෙන බවට චෝදනා එල්ල වන නිසා ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකිරීමට මෙම ජනාධිපති කොමිසම පත් කළ බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙන බව දැනගන්නට ඇත.
අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිධුරයට පත් නොකරන ලෙසට තමා ප්‍රකාශ කළ බවද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහිදී සිහිපත්කොට තිබෙන බවද වාර්තාවේ.


මෙවැනි වාතාවරණයක් යටතේ සමහරුන් තමාට දොස් පවරන බවත් මෙහෙම වැඩකරන්නේ කෙසේද යනුවෙන් පැවසූ ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් නැගිට ගොස් ඇති බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වැඩිදුරටත් වාර්තාවේ.




එවිට ජනාධිපතිවරයා සිදුකල ප්‍රකාශයක් හේතුවෙන් මේ බව සිදුවන්ට ඇති බව ඇතමුන් ප්‍රකාකර ඇති බව වාර්තාවේ.


කෙසේ නමුත් අගමැතිවරයා ඇතුළු කිහිපදෙනෙක් සාකච්ඡා කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා යළිත් අමාත්‍ය මණ්ඩල රැස්වීමට පැමිණ ඇත.
« PREV
NEXT »