BREAKING NEWS
latest

728x90

468x60

Monday, January 22, 2018

පුංචි ඡන්දෙන් දිනලා ඇවිත් වැරදි කරන එජාප අපේක්ෂකයින්ට ඇමති සාගල රතු එළියක් පත්තු කරයි


එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කර ඇති අපේකෂකයින් මැතිවරණ ජයග්‍රහණයෙන් පසු දූෂණ වංචාවලට වැරදිකරුවන් වුවහොත් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගෙන නිසි දඬුවම් ලබා දීමට කටයුතු කරනවා සේම ඔවුන්ට එරෙහිව පක්ෂය විසින් විනය පියවර ගැනීමට කටයුතු කරන බවත් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.

එසේම කන්‍යාවන් දූෂණය කර ඒ වෙනුවෙන් සාද පවත්වන, රාජ්‍ය සේවකයින් ගස්බඳින, ගුරුවරු දණගස්වන, විදේශිකයින් මරා ඔවුගේ පෙම්වතියන් ඝාතනය කරන අපේක්ෂකයින් එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කර නොමැති බවත් අමාත්‍යවරයා කීය.

අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ දෙණියාය කොටපොල බෝදෙණිය ප්‍රදේශයේ පැවතී එක්සත් ජාතික පක්ෂ ජනහමුවක් අමතමිනි.



වැඩිදුරටත් අදහස් දැක්වූ සාගල රත්නායක මහතා මෙසේද කීය.

ගමේ ආණ්ඩුවේ වැදගත්කම අපට පසුගිය අවුරුදු තුනේදී තදින් දැනුණා.එකයි අපහසුතා රැසක් මධ්‍යයේ මැතිවරණය ඉක්මනින් පැවැත්විය යුතුයි යන ස්ථාවරයේ එක්සත් ජාතික පක්ෂය හිටියේ.අපට අවශ්‍ය වුණේ මැතිවරණයක් පවත්වලා ගමේ ආණ්ඩුව බිහිකරගෙන අපේ රජයේ වැඩකටයුතු වේගවත් කරන්න.පිළවෙලකට ගම ගෙන්න.අපි ඉදිරිපත් කල කණ්ඩායම හොඳ කණ්ඩායමක්.අපේ කණ්ඩායමේ ස්ත්‍රී දුෂකයෝ,හොරු නෑ.ගුරුවරු දැනගස්සවපු අය නැහැ.ගුරුවරු නම් ඉන්නවා.කන්‍යාවියන් දුෂණය කරලා පාටි දාන අය අපේ ලැයිස්තුවේ නෑ.එහෙම අය පහුගිය කාලේ හිටියා අල්ලපු වැටේ.එක කරලා පාටියකුත් දානවා එක සමරන්න.ඒ වගේම රාජ්‍ය සේවකයෝ ගස් බඳින ය නැහැ.ආණ්ඩුවේ රැකියා කරන ගමට සේවයක් කරන සමිති සමාගම්වල නිලතල දරපු අය ගමේ පය ගහල ඉන්න වැඩක් කරන්න පුළුවන් අය සමාජයේ වැඩ කටයුතු කරලා පන්නරය ලබපු හොඳ පිරිසක් අපි ඉදිරිපත් කරලා තියෙන්නේ.ඒ කණ්ඩායම මන්ත්‍රීවරු වුනාට පස්සේ ඒ විදියටම හැසිරෙන්න ඕන.විනයක් ඇතිව දුෂණ වලට පැටලෙන්නේ නැතිව ඒ විදියටම ගමට සේවය කරන්න ඕන.

අපි ගමට වැඩ කරන්න ඕන.රටට වැඩ කරන්න ඕන.අවුරුදු තුනක් අපි ආණ්ඩුව කරගෙන ඇවිත් තියෙනවා.ඉන් වසර දෙකක්ම මම මන්ත්‍රී හැටියට වැඩ කරලා තියෙනවා.ඒ කාල සීමාව පහසු කාල සීමාවක් වුනේ නෑ.ණය බරින් මිරිකිලා හොඳ උගුලකට අහුවෙලා හිටියේ.ඒ කාලයේ බඩු මිල නිතර නිතර වැඩි වුනා.ප්‍රාදේශීය සභා මැතිවරණය එනකොට බඩු මිල අඩු වෙනවා.අවසන් වුනාට පස්සේ වැඩි වෙනවා.ආයෙත් පළාත් සභා මැතිවරණය එනකොට බඩු මිල අඩුවෙනවා.අවසන් වුනාට පස්සේ වැඩිවෙනවා.මේ විධියට ජනතාව රවට රවටා පසුගිය ආණ්ඩු කරගෙන ආවා.ඒ වගේම සංවර්ධනය කළා.ටික කාලෙකින් ඒවා හේදිලා ගියා.

හොඳ වෙලාවට මේ පාර හදල තිබුනේ නැත්තේ.හදල තිබුනනම් කැලි කැලි ගැලවිලා ගිහිල්ලා පාරේ.අපිට වැඩ පටන් ගන්න වෙන්නේ ඉස්සර තිබුණ කොන්ක්‍රීට් කැලි අයින් කරලා.ඊයේ මම ගියා කැටවල.ඒ පාරේ කොන්ක්‍රීට් දාලා.නමුත් ඒ පාරේ යන්න බැහැ කොන්ක්‍රීට් ගැලවිලා. තිබුනටත් වඩා දරුණුයි.ඒ කාලේ තිබුණු සංවර්ධනය එහෙමයි.මේ ටික කරන්න විශාල ණය ප්‍රමාණයක් ගත්තා.අවසානයේ පාරත් නෑ.වරායට නැව් එන්නෙත් නෑ.ඒ ණය ගෙවන්න හැමදාම බදු එකතු කල නිසයි බඩු මිළ වැඩි වුනේ.අපි ඇවිත් අවුරුදු තුනක් වෙනවා.අපි එදා බදු මිළ අඩුකළා.තෙල් මිළ අඩු කළා.ගෑස්‌ මිළ අඩු කළා.සීනි,පිටි,පරිප්පු,හාල්මැස්සෝ මේ වගේ ජීවත්වෙන්න අවශ්‍ය අත්‍යවශ්‍ය බදු මිළ අඩු කළා.

.හැමෝම කිව්වා මැතිවරණය ඉවර වෙනකොට බඩු මිළ වැඩිවෙයි කියලා.එත් බඩු මිළ වැඩි වුනේ නෑ.අවුරුදු තුනක් වෙනවා මේ මැතිවරණය වෙනකොට බඩු මිල වැඩි වුනේ නෑ.මේ මැතිවරණය එනකොට බඩු මිළ අපි වැඩි කලේ නෑ.හාල් මිලයි පොල් මිලයි වැඩි වුනා නියඟයක් ආපු නිසා.එකත් අපි ඉක්මනින් කටයුතු කරාලා හාල් මිළ පාලනය කරගෙන තියෙනවා.පොල් මිලත් ළඟදීම පාලනය කරනවා.නමුත් අලුතෙන් බදු එකතුවීමක් නෑ.ඒ නිසා ආනයන කරන කිසි දෙයක බදු වැඩිවීමක් සිද්ද වෙන්නේ නෑ.ස්ථාවරව තියෙනවා.අපිට ඕන එතනින් එහාට යන්න.බඩුමිල පාලනය කරන්න.තමුන්නාන්සේලාගේ බඩුමිල පාලනය කරන්න.ආර්ථිකය දියුණු කරන්න ඕන.තරුණ අයට රැකියා ඕන.මේ ආණ්ඩුව ඇවිත් පසුගිය අවුරුදු තුනට රැකියා ලක්ෂ හතරක් බිහි කරලා තියෙනවා.අපේ තරුණ ය බොහෝ වෙලාවට බලාපොරොත්තු වෙන්නේ රජයේ රැකියා.මේ අවුරුදු තුනට පුද්ගලික අංශයේ රැකියා ලක්ෂ හතරක් බිහි වෙලා තියෙනවා.

හම්බන්තොට වරාය ණය උගුලෙන් බේරන්න අපි එතන කර්මාන්ත පුරයක් ඇති කරන කොට ඒ කර්මාන්ත පුරයට කර්මාන්ත ඇවිත් නිෂ්පාදන කරලා විදේශ රටවලට අපනයන කරන කොට එතන රැකියා බිහි වෙනවා.කර්මාන්ත පුර බිහි වෙනවා.වරයට නැව් එන හින්දා වරාය දියුණු වෙනවා.රටට අදායම් එනවා.ඒ හේතුවෙන් අපේ රටේ ආර්ථිකය දියුණු වෙනවා.එතකොට පාරවල් හදන්න තමුන්නාන්සේලාගෙන් බදු එකතු කරන්න අවශ්‍ය නෑ.ගම්මාන දැන් වේගයෙන් දියුණු වෙනවා.ඉදිරියේදී තවත් වේගවත් වෙයි.අපේ රජය කර්මාන්තපුර බොහොමයක් බිහි කරනවා.මතුගම,බිංගිරිය,වැලිගම ඉන් කිහිපයක්.සංචාරක කර්මාන්තය වේගයෙන් දියුණු වෙනවා.මේ රටේ සංචාරකයින්ට තියෙන ආරක්‍ෂිතභාවය හේතුවෙන්.යුද්දය අවසන් වුනාම අපි හිතුවේ සංචාරකයෝ විශාල ප්‍රමාණයක් ඒවි කියලා.නමුත් පැමිණියේ නෑ.ආරක්ෂාව තිබුනේ නැහැ.තංගල්ලේ ප්‍රාදේශීය සභා සභාපතිතුමා සංචාරකයෙක් මැරුවා.පස්සේ නෝනා දූෂණය කළා.මෙවැනි දේවල් සිදුවෙනකොට සංචාරකයෝ ලංකාවට ඒවිද?..අද සංචාරකයින්ට ආරක්ෂිත තත්වයක් රටේ තියෙන්නේ.ගැටළුවක් සිදු උනොත් නීතිය හරියට ක්‍රියාත්මක කරනවා.ඒ නිසා සංචාරකයෝ ලංකාවට එන්න පටන් අරගෙන.

මේ දෙනියාය ආශ්‍රිතව අපි සංචාරක වැඩ සටහන දියුණු කරන්න තව දුරටත් කටයුතු කරනවා.අපේ රටේ තියෙනවා රට දියුණු කරන්න.පෝට්සිටිය සංවර්ධනය වෙද්දී ආර්ථික දියුණුවක් ඇතිවෙනවා.ඒ වගේ අපි සංචාරක කර්මාන්තය රට පුරා දියුණු කරනවා.ත්‍රීකුණාමලය වරාය ආශ්‍රිතව නැගෙනහිර පළාතේ සංචාරකවැඩසටහන දකුණේ සංචාරක වැඩසටහන වෙරළෙන් ඔබ්බට ගෙන ගොස් සිංහරාජය වැනි ප්‍රදේශ වලට ගෙනයනවා.

මේ ඔක්කොම දියුණු වෙද්දී අපේ ආර්ථිකය දියුණු වෙනවා.රැකියා ඇතිවෙනවා.ඒ ආශ්‍රිත කර්මාන්ත දියුණු වෙනවා.ජනතාවට බොහෝ අවස්ථා ඇති වෙනවා.ඒ වගේම ආර්ථිකය ගොඩ නැගෙනවා. ඒ තැනට තමයි අපි රට ගෙනියන්නේ.ඒ ගානේ එක පියවරක් තමයි ගම දියුණු කරන එක.මාර්ග,පාලම,බෝක්කු,විදුලිය ,ජලය,රැකියා අවස්ථා ලබා දීලා ඒ ටික කරන්න ගමේ බලය අපට දෙන්න යනුවෙන් පැවසීය.
« PREV
NEXT »