Wednesday, January 24, 2018
Home
Gossip Lanka News
මංගලගේ අමාත්‍යංශයේ මාරාන්තික උගුල
මංගලගේ අමාත්‍යංශයේ මාරාන්තික උගුල
-
Wednesday, January 24, 2018
පොල්හේන්ගොඩ, කිරුළපන මාවතේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ පිහිටි ඇසිදිසි මැදුර ගොඩනැගිල්ලේ විදුලි සෝපානය එය ආසන්නයේ පිහිටා ඇති බ/කො මහාමාත්‍ය විදුහලට (කලින් භද්‍රාවතී විදුහල) කඩා වැටීමට ආසන්න තත්ත්වයක් උදාවී තිබේ.
එම විදුලි සෝපානය මාස කිහිපයක සිට එහි සේවය කරන්නන් භාවිතා නොකරන බවද පැවසේ.
ගලවන්න සූදානම් - අතිරේක ලේකම්
මේ සම්බන්ධයෙන් අප ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් රමනී ගුණවර්ධන මහත්මියගෙන් කළ විමසීමකදී ඇය සඳහන් කළේ එය ගලවා ඉවත් කිරීමට මේවන විට කටයුතු කරමින් පවතින බවයි.
එය අද ඉවත්කළ හැකි දැයි අප කළ විමසීමේදී අය කියා සිටියේ ඒ සඳහා උපරිම උත්සාහ ගන්නා බවයි.
අනතුරක් වෙනතුරු ද ඉන්නේ - ස්ටාලිං
මේ අතර, ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලිං මහතා අනතුරකට අතවනමින් තිබෙන මේ විදුලි සෝපානය ගලවා ඉවත් කිරීමට කටයුතු නොකරන්නේ ළමයින්ට අනතුරක් වන තෙක්දැයි ප්‍රශ්ණ කර සිටියේය.
මේ සම්බන්ධයෙන් තමා අධ්‍යාපන අමාත්‍යංශය හා පොලිස්පතිවරයාද දැනුවත් කිරීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.
හදිස්සි සෝපානය කෙහෙළියගේ නොන්ඩි කකුල නිසයි
ඇසිදිසි මැදුර ගොඩනැගිල්ලට අදාළ විදුලි සෝපානය සවිකර ඇත්තේ කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය අමාත්‍යවරයාව සිටි අවධියේදීය.
එය අදාළ ගොඩනැගිල්ලට පිටින් සවිකරන ලද්දක් වන අතර, රඹුක්වැල්ල මහතා ඕස්ට්‍රේලියාවේදී බැල්කනියකින් වැටී කකුල කඩා ගැනීමෙන් පසුව ඔහුට තරප්පු පෙළෙන් ඉහල මාලයේ ඔහුගේ කාර්යාල කාමරයට යාමට නොහැකිවීම නිසා කඩිනමින් ප්‍රමිතියකින් තොරව මේ විදුලි සෝපානය එම ගොඩනැගිල්ලට සවිකර ඇති බව පැවසේ.
ගලවන්න බැරි කේස් එක
මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමකදී හෙළිවූයේ අදාළ විදුලි සෝපානය ගැලවීමට ජනමාධ්‍ය අමාත්‍යංශය ඉංජිනේරු සංස්ථාව දැනුවත් කර ඇතත් ඔවුන් එය පැහැර හැර ඇති බවයි.
එසේම මෙය ගැලැවීමට ජනමාධ්‍ය අමාත්‍යංශය සමාගමක් කැඳවා ඇති අතර අදාළ සමාගම මෙය ගැලැවීමට යාම සිය සේවකයන් අනතුරේ හෙළීමක් බැවින් එය සිදු කිරීමට නොහැකි බව පවසා මඟහැර ඇතැයි වාර්තා වේ.
ඊට හේතුවී ඇත්තේ අදාළ සෝපානය ප්‍රමිතියකින් තොරව ඉදිකිරීම බවද පැවසේ.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...