BREAKING NEWS
latest

728x90

468x60

Monday, January 29, 2018

දහම් සිරිසේනත් මැතිවරන වේදිකාවට

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතාද ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ වේදිකාවේ ජනතාව අමතමින් මෙම මැතිවරණ සටනට අවතීරණ වී සිටී.

දහම් සිරිසේන මහතා දේශපාලන වේදිකාවේ අදහස් පල කරන්නේ මුල්ම වතාවට වීම විශේෂය.

“පහුගිය අවුරුදු දහය පුරාම ආණ්ඩු කලේ එතුමාල තමයි. එතකොට රටේ කොපමණ ප‍්‍රශ්ණ ඇතිවුණාද. කොතරම් ඝාතන සිදු වුණාද. කිසිම මාධ්‍ය නිදහසක් තිබුණද. සියල්ල ඔබ දන්නව පහුගිය කාලය ඇතුලත රටේ සිද්ද වුණේ කියල.

මේ වෙන්වෙලා ගිහිල්ල ඉන්න පිරිස හොරු, වංචාකාරයො, දුෂකයො, කුඩුකාරයො මේ සියල්ල අද පක්‍ෂ බේදයකින් තොරව ඒගොල්ල එකතුවෙලා ඉන්නව.

එනිසා ඔබ පක්‍ෂය ශ‍්‍රීලනිපය අත ඇරෙන්න වෙන පක්‍ෂවලට ඡන්දය ප‍්‍රකාශ කිරීමෙන් ඒ ලබා දුන් නිදහස මේ සියළු දේ වැලලී යනව. හොරකම් මැරකම් දුෂණ වංචා සියල්ල ඉදිරියට එනවා..ඒක නිසා බුද්ධිමත්ව හිතලා ඡන්දය පාවිච්චි කරන්න.”

« PREV
NEXT »