BREAKING NEWS
latest

728x90

468x60

Friday, January 26, 2018

කාන්තාවන්ට බොන්න ඇයි තහනම් - මංගලගේ මත්පැන් ගැසට්ටුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි

මාත්‍ය මංගල සමරවීර මහතා විසින් 2018 / 01 / 10 දින ඉදිරිපත් කල ගැසට්ටුව ජනාධිපතිවරයාගේ බලපෑම් මත නැවත අහෝසි කිරීම සහ එමගින් සිය මූලික අයිතිවාසිකම් කඩ වීමට එරෙහිව මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම නීතීඥ සුපුන් විශ්වබුද්ධි හේවාගමගේ සහ නීතීඥ ලක්ෂාන් ඩයස් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අද දින ගොනුකර ඇත.

මංගල සමරවීර අමාත්‍යවරයා, සුරාබදු කොමසාරිස්වරයා, නීතිපති, අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා ඇතුළු හය දෙනෙක් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

පෙත්සම්කාරියන් සහ පෙත්සම්කරුවන් වන්නේ නදීකා බණ්ඩාර, රුවිනි තල්පාවිල, ඉදුනිල් කංකානම්ගේ, කේ.කේ. සමන් කුමාර, විරාජ් ලියනආරච්චි, ප්‍රියාන් ආර් විජේබණ්ඩාර, ජෙහාන් ශ්‍රී කාන්ත අප්පුහාමි ඇතුලු 13 දෙනෙකි.

ස්ත්‍රීන්ට මත්පැන් මිලදී ගැනීමට ඇති අයිතිය අහෝසි කිරීම නිසා ආණ්ඩුක්‍ර‍ ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් හි 12 (2) හි සදහන් වන කිසිම පුරවැසියෙක් ස්ත්‍රී පුරුෂ භේදය මත වෙනස්කමකට හෝ විශේෂයකට භාජනය නොකල යුතුය යන අයිතිවාසිකම කඩවන බව පෙත්සමෙහි දක්වා ඇත. එමෙන්ම 14 (1) උ ප්‍ර‍තිපාදනය යටතේ එන මූලික අයිතියක් වන තමන් කැමති රැකියාවක නිරත වීමේ පුරවැසි නිදහසද මෙම ගැසට්ටුව අවලංගු කිරීම මගින් ස්ත්‍රියක වීම නිසාම තමන්ට අහිමි වන බව මෙහි දක්වා ඇත.

ඉතා පැරණි නීතියක් වන මෙය ඉන්පසු ගෙන ආ 1978 ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ මූලික අයිතීන්ට පටහැනි වන බව පෙන්වා දෙන මෙම පෙත්සම ලංකාවේ වැඩිම මත්පැන් බලපත්‍ර‍ ලබාගෙන ඇත්තේ ස්ත්‍රීන් බවද එබැවින් මෙම නීති අතාර්කික බව පවසයි. පුරුෂයින්ට අදාල නොවන නීති ස්ත්‍රීන්ට අදාල වීම මගින් සමානත්වයේ අයිතිවාසිකම තමන්ට අහිමි වන බව පෙත්සම්කරුවන් පවසා සිටී.

ස්ත්‍රීන්ගේ ප්‍ර‍ගතිය උදෙසා නීති සෑදිය හැකිය යන ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා ප්‍ර‍තිපාදනය මෙහිදී අදාල නොවන බවත් කාන්තාවක වීම නිසාම අයිතිවාසිකම් අහෝසිකිරීමකට එකී ප්‍ර‍තිපාදනය යොදා ගත නොහැකි බවත් මෙමගින් පෙන්වා දී ඇත.

එමෙන්ම මෙම නීති යුධ සහ නාවික රෙගුලාසි යටතේ පවත්වාගෙන යන ආපනශාලා, අලෙවිසල් හෝ තැබෑරුම් සදහා අදාල නොවන බව සුරාබදු ආඥාපනතෙහි 5 වගන්තියෙහි දක්වා ඇති බව; එනිසා ත්‍රිවිධ හමුදාවෙහි සිටින කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමේ සහ ඒවායෙහි සිට මත්පැන් පරිබෝජනය කිරීමේ හැකියාව ඇති බවත් පෙත්සම්කරුවන් පෙන්වා දෙයි.

එය අනිකුත් ලාංකීය ස්ත්‍රී වර්ගයාට සිදුකල විශාල වෙනස්කමක්ද වන බව පෙන්වා දෙන ඔවුන් පෙන්වා දෙන්නේ මත්පැන් මිලදී ගන්නවාද, පරිභෝජනය කරනවාද යන්න තම අභිමතය අනුව සිදුවිය යුත්තක් බවත් එයට සීමාවන් නියම කිරීමට කිසිවකුට නොහැකි බවයි.

– සුපුන් ගමගේ
« PREV
NEXT »