Friday, January 26, 2018
Home
Gossip Lanka News
කොමිසන් වාර්තා ගැන මොරදුන් අය විවාදයට බයෙන් පැන ගියා
කොමිසන් වාර්තා ගැන මොරදුන් අය විවාදයට බයෙන් පැන ගියා
-
Friday, January 26, 2018
ජනාධිපති කොමිසන් සභා වාර්තා වහාම පාර්ලිමේන්තුවට ලබා දෙන්නැයි කෑමොර දුන් අය, එය ලබා දුන් විට විවාද කිරීමෙන් පැන ගිය බවත්, කොමිසමේ කරුණු ගැන හැකි නම් පෙබරවාරි 10 වැනිදාට පෙර පාර්ලිමේන්තුවේ විවාදයක් පවත්වන්නැයි තමා අභියෝග කරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කෙළේය.
කොමිෂන් සභා වාර්තාවල සඳහන් දේ දැනගත් විට චෞර හොරුන්ගේ ක්‍රියාකාරකම් ජනතාවට හෙළිදරව් වන බවත්, එය වැළැක්වීමට ප්‍රභූ හොරුන් සන්ධානයක් ගොඩනඟාගෙන විවාදයෙන් පැන ගිය බවත් ජනාධිපතිවරයා කීය.
එළැඹෙන පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පකෂය ප්‍රධානව එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් බුලත් කොළය ලකුණින් කළුතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමට පානදුර නගරයේ ඊයේ (25) සවස පැවැති ජනරැලියට එක්වෙමින් ජනාධිපතිවරයා මේ අභියෝගය කෙළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා, අද අපි පිරිසුදු, පවිත්‍ර දේශපාලනයක් රටට හඳුන්වාදීමේ ජාතික ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා. ඒ නිසා ප්‍රභූ හොරුන් අද අපට විරුද්ධව එක්වී සිටිනවා. සන්ධානගතවී සිටිනවා.
අපි බැඳුම්කර මහා හොරකම ගැන සොයන්න ජනාධිපති කොමිසමක් දැම්මා. ඊට අමතරව මහා පරිමාණ වංචා දූෂණ ගැන සොයන්නත් කොමිසමක් දැම්මා. මේ වාර්තා දෙකම අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනකම් විපක්ෂයේ අය කෑගැහැව්වා ඒවා ඉල්ලලා. එය
පාර්ලිමේන්තුවේදි විවාද කළොත් ඔක්කෝගෙම ක්‍රියාකාරකම් හෙළිවෙනවා. ඒ නිසා කතාවෙලා විවාද කිරීම පෙබරවාරි අගට කල් දමාගෙන තිබෙනවා. මම ඒ අයට එක අභියෝගයක් කරනවා. පුළුවන් නම් කොමිෂන් වාර්තා දෙකම ගැන හරි එකක් ගැන හරි පෙබරවාරි 10 වැනිදාට පෙර විවාදය කරන්න කියා.
ඒ වාගේමයි මම මේ රටේ දුෂණය, වංචාව, නාස්තිය ගැන කතා කරන මහා පක්ෂවල නායකයන්ට කියනවා පුළුවන්නම් මාත් එක්ක විවාදයකට එන්න කියලා.
මම පෙරේදා කිව්වා, රවී කරුණානායක මහත්තයාට විරුද්ධව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දෙන්න මා මිත්‍ර මහින්ද රාජපක්ෂ මහත්තයා ආවේ නැහැ කියලා.
එතුමා කිව්වා එෙහම විශ්වාසභංගයක් ගෙනාවේ නැහැ කියලා. මම අද පානදුරේ ඔබට පෙන්නන්න මෙතැනට අරන් ආවා හැන්සාඩ් වාර්තාවේ සඳහන් දේ.
විවාදයෙන් පස්සේ එතුමා පාර්ලිමේන්තුවෙන් පිට සිට දුරකථනයෙන් කතා කොට රවී කරුණානායක මහතාට සුබ පැතුවා. මම ආවේ නැහැ. දැන් ප්‍රශ්නයක් නෑනේ කිව්වා.
මම ඕනෑම දෙයක් කියන්නේ වගකීමෙන් බවද ජනාධිපතිවරයා කීය.
පානදුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ඇමැති මහින්ද සමරසිංහ, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් සභා මැති ඇමැතිවරු, මහා සංඝරත්නය, ඇතුළු ආගමික නායකයෝ හා අතිවිශාල ජනතාවක් මේ රැලියට එක්ව සිටියහ.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...