BREAKING NEWS
latest

728x90

468x60

Thursday, January 25, 2018

මංගලට එරෙහිව තවත් පිරිසක් උසාවි යයි

අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පසුගිය 10 වැනි දින ඉදිරිපත් කළ මත්පැන් ගැසට්ටුව අහෝසි කිරීම සම්බන්ධයෙන් විකල්ප කලා සහ සමාජ ක්‍රියාකාරිකයින් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් නීතීඥ සුපුන් විශ්වබුද්ධි හේවාගමගේ සහ නීතීඥ ලක්ෂාන් ඩයස් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අද (25 දා) දින ගොනුකර ඇත.


ඒ,ජනාධිපතිවරයාගේ බලපෑම් මත ගැසට්ටුව අහෝසි කිරීම සහ එමගින් සිය මූලික අයිතිවාසිකම් කඩවීමට එරෙහිවය.

මෙම පෙත්සම මගින් මංගල සමරවීර අමාත්‍යවරයා, සුරාබදු කොමසාරිස්වරයා, නීතිපති, අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා ඇතුළු හය දෙනෙක් වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

පෙත්සම්කාරියන් සහ පෙත්සම්කරුවන් වන්නේ නදීකා බණ්ඩාර, රුවිනි තල්පාවිල, ඉදුනිල් කංකානම්ගේ, කේ.කේ. සමන් කුමාර, විරාජ් ලියනආරච්චි, ප්‍රියාන් ආර් විජේබණ්ඩාර, ජෙහාන් ශ්‍රී කාන්ත අප්පුහාමි ඇතුලු 13 දෙනෙකි.

ස්ත්‍රීන්ට මත්පැන් මිලදී ගැනීමට ඇති අයිතිය අහෝසි කිරීම නිසා ආණ්ඩුක්‍ර‍ ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් හි 12 (2) හි සඳහන් වන කිසිම පුරවැසියෙක් ස්ත්‍රී පුරුෂ භේදය මත වෙනස්කමකට හෝ විශේෂයකට භාජනය නොකල යුතුය යන අයිතිවාසිකම කඩවන බව පෙත්සමෙහි දක්වා ඇත.

එමෙන්ම 14 (1) උ ප්‍ර‍තිපාදනය යටතේ එන මූලික අයිතියක් වන තමන් කැමති රැකියාවක නිරත වීමේ පුරවැසි නිදහසද මෙම ගැසට්ටුව අවලංගු කිරීම මගින් අහිමි වන බව මෙහි දක්වා ඇත.

තවද ස්ත්‍රීන්ගේ ප්‍ර‍ගතිය උදෙසා නීති සෑදිය හැකිය යන ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා ප්‍ර‍තිපාදනය මෙහිදී අදාල නොවන බවත් කාන්තාවක වීම නිසාම අයිතිවාසිකම් අහෝසිකිරීමකට එකී ප්‍ර‍තිපාදනය යොදා ගත නොහැකි බවත් මෙමගින් පෙන්වා දී ඇත.

එමෙන්ම මෙම නීති යුධ සහ නාවික රෙගුලාසි යටතේ පවත්වාගෙන යන ආපනශාලා, අලෙවිසල් හෝ තැබෑරුම් සදහා අදාල නොවන බවත් එය සුරාබදු ආඥාපනතෙහි 5 වගන්තියෙහි දක්වා ඇති බවත් එබැවින් ත්‍රිවිධ හමුදාවෙහි සිටින කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමේ සහ ඒවායෙහි සිට මත්පැන් පරිබෝජනය කිරීමේ හැකියාව ඇති බවත් පෙත්සම්කරුවන් පෙන්වා දෙයි.

එය අනිකුත් ලාංකීය ස්ත්‍රී වර්ගයාට සිදුකල විශාල වෙනස්කමක්ද වන බව අවධාරණය කරන ඔවුන් මත්පැන් මිලදී ගන්නවාද, පරිභෝජනය කරනවාද යන්න තම අභිමතය අනුව සිදුවිය යුත්තක් බවත් එයට සීමාවන් නියම කිරීමට කිසිවකුට නොහැකි බවද කියා සිටී.
« PREV
NEXT »