BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, January 24, 2018

සිංගප්පූරු අගමැති , ජනපති මෛත්‍රී සහ අගමැති රනිල් හමුවෙති - ක්‍ෂේත්‍ර රැසක්‌ ගැන ද්විපාර්ශ්වික සාකච්ඡා

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටින සිංගප්පූරු අගමැති ලී ෂියැන් ලූන් මහතා ඊයේ (23 වැනිදා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවිය.

ජනාධිපති කාර්යාලය වෙත පැමිණි සිංගප්පූරු අගමැතිවරයා සහ එම මහත්මිය ජනාධිපතිවරයා සහ ජයන්ති සිරිසේන මහත්මිය විසින් පිළිගත් අතර ඔවුන් වෙනුවෙන් ආචාර වෙඩිමුර සහිතව හමුදා උත්තමාචාර ද පිළිගන්වනු ලැබීය.

නායක දෙපළ අතර සුහද කථාබහකින් අනතුරුව ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි. දෙරට අතර ආර්ථික, වෙළෙඳ සහ ආයෝජන සහයෝගීතාවය වර්ධනය කර ගැනීම පිළිබඳව මෙහිදී ඔවුහු දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ.

එමෙන්ම දෙරට අතර වෙළෝද කටයුතු ඉදිරියට ගෙනයාමේ නිදහස්‌ වෙළෙඳ ගිවිසුමකට ද නායක දෙපළ ඉදිරියේ අත්සන් තැබුණු අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික්‌ සමරවික්‍රම මහතා සහ සිංගප්පූරු රජය වෙනුවෙන් එරට වෙළෝද හා කර්මාන්ත අමාත්‍ය එස්‌. ඊෂ්වරන් මහතා ඊට අත්සන් තැබූහ.

මෙහිදී අදහස්‌ දැක්‌වූ සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ දෙරට අතර අත්සන් තැබුණු මෙම නව ගිවිසුම මගින් වෙළෙඳ සහ ආයෝජන ක්‌ෂේත්‍ර තුළ දෙරටටම ප්‍රතිලාභ සැලසෙන නව අවස්‌ථා රැසක්‌ ඉදිරියේදී නිර්මාණය වනු ඇති බවයි. 

එමෙන්ම ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්ට අදාළ ආයෝජන අවස්‌ථා විශාල වශයෙන් වර්ධනය වී ඇති අතර ඒ සඳහා සිංගප්පුරුවේ ආයෝජකයන් තවදුරටත් දිරිමත් කරන ලෙස ජනාධිපතිවරයා කළ ඉල්ලීමට ප්‍රතිචාර දැක්‌වූ සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා ඒ පිළිබ`ද එළැඹෙන ව්‍යාපාරික හමුවලදී විශේෂ අවධානයක්‌ යොමුකර කටයුතු කරන බව ස`දහන් කළේය. 

මූලෝපායික වශයෙන් සමානකම් රැසක්‌ ඇති රටවල් දෙකක්‌ ලෙස එම සබඳතා තවදුරටත් ශක්‌තිමත් කර ගැනීමට බොහෝ සෙයින් ඉඩ ප්‍රස්‌ථාව පවතින බව ද සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 

සෞඛ්‍ය, සංචාරක, අන්තර්ජාල පාදක වාණිජ කටයුතු, බලශක්‌ති සහ යටිතල පහසුකම් සංවර්ධන ක්‌ෂේත්‍රවලට ප්‍රමුඛතාවය ලබාදෙමින් දෙරට අතර ආර්ථික සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබඳව ද මෙහිදී නායකයෝ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ. 

ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌ සංවර්ධන සැලැස්‌ම ක්‍රියාත්මක කිරීමට සිංගප්පූරු රජයෙන් ලැබෙන සහය මෙහිදී අගය කළ ජනාධිපතිවරයා එම කටයුතු තවදුරටත් ව්‍යාප්ත කර ගැනීමේ හැකියාව පෙන්වා දුන්නේය.

ලංකාවේ රාජ්‍ය සේවකයන් පුහුණුව ස`දහා සිංගප්පුරුවෙන් ලැබෙන සහය අගය කළ හෙතෙම රාජ්‍ය සේවකයන් පුහුණු කරන ශ්‍රී ලංකාවේ ඇති ආයතනවල දියුණුqව සඳහා අවශ්‍ය තාක්‌ෂණික සහය ලබාදෙන ලෙස ද ඉල්ලා සිටි අතර ඒ පිළිබ`දව සිංගප්පුරු අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමු විය.

වෘත්තීය පුහුණ ක්‍ෂේත්‍රය තුළ නව අවස්‌ථා උත්පාදනයට සහ අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ කටයුතු සඳහා විශේෂයෙන් මානව සම්පත් ප්‍රවර්ධනය ස`දහා සහය වන ලෙස ද ජනාධිපතිවරයා කළ ඉල්ලීම කෙරෙහි අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කෙරිණි. 

දැනට ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක්‌ සිංගප්පුරුවේ විවිධ ක්‍ෂේත්‍රවල සේවයේ නිරතවන අතර ඔවුන් ඉතා සතුටින් එහි සේවය කරන බව පැවසූ ජනාධිපතිවරයා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට තවදුරටත් සිංගප්පූරුවේ රැකියා අවස්‌ථා විවරකරදීම පිළිබඳ සොයා බලන ලෙස ද අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

දූපත් රාජ්‍යය ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම ස`දහා සාමුහික උත්සහයක්‌ දැරීමේ අවශ්‍යතාවය ද මෙහිදී හෙතෙම පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තර වේදිකාවේදී සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව ඉතා සමීපව කටයුතු කරන අතර ආසියාන් (ASEAභ) සංවිධානය සමඟ ඉතා හොඳ සබ`දතාවයක්‌ පවත්වන බව මෙහිදී ස`දහන් කළ ජනාධිපතිවරයා ආසියාන් සංවිධානය සමඟ තවදුරටත් සමීපව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව අපේක්‌ෂා කරන බැවින් එහි පාර්ශ්වික සංවාද පාර්ශ්වකරුවෙක්‌ වශයෙන් බැඳීමට ශ්‍රී ලංකාව කර ඇති ඉල්ලීමට සහය ලබාදෙන ලෙස ද සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්‌ කළේය. 

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කතා කරමින් 2015 වසරේ තමා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව යහපාලන අරමුණු ජයගැනීම සහ සංහිඳියාව වෙනුවෙන් වැඩසටහන් රැසක්‌ ක්‍රියාත්මක කර තිබෙන බවත් එහිදී රටේ ආර්ථික වර්ධනයට ප්‍රමුඛ ස්‌ථානයක්‌ ලබාදී ඇති බවත් කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීම පිළිබ`ද මෙහිදී සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා වෙත සිය ස්‌තූතිය පළ කළ ජනාධිපතිවරයා දෙරට අතර සබ`දතා වර්ධනය කර ගැනීමට සහ එම සබ`දතා ක්‍ෂේත්‍ර රැසක්‌ ඔස්‌සේ ව්‍යාප්ත කර ගැනීමට මෙම සංචාරය ඉවහල් වනු ඇති බව ද කියා සිටියේය.

එමෙන්ම සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී ෂියැන් ලූන්a මහතාගේ පියාණන් වන හිටපු අග්‍රාමාත්‍ය ලී ක්‌වාන් යු මහතා ශ්‍රී ලංකාව සමඟ පැවැත්වූ සමීප සබ`දතාව ද සිහිපත් කළ ජනාධිපතිතුමා කිහිප අවස්‌ථාවකදීම එතුමා ශ්‍රී ලංකාවේ සංචාරය කළ අයුරු ද සිහිපත් කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍යවරුන් වන ජෝන් අමරතුංග, තිලක්‌ මාරපන, තලතා අතුකෝරල, සාගල රත්නායක, මහින්ද අමරවීර, චන්දිම වීරක්‌කොඩි, මලික්‌ සමරවික්‍රම, රංජිත් මද්දුමබණ්‌ඩාර, දුමින්ද දිසානායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්‌ ද සිංගප්පුරු රජය වෙනුවෙන් එරට විදේශ කටයුතු අමාත්‍ය විවියන් බල්-රිෂ්නාන් වෙළෝද හා කර්මාන්ත අමාත්‍ය එස්‌. ඊස්‌වරන් යන මහත්වරුන් සහ ශ්‍රී ලංකාවේ සිංගප්පූරු මහකොමසාරිස්‌ එස්‌. චන්ද්‍රd දාස්‌ මහතා සහ පාර්ලිමේන්තු සාමාජිකයන් වන ලියැන් එන්හවා, සක්‌තියන්දි බින් සුපාත් යන මහත්වරුන් ඇතුළු පිරිසක්‌ මෙම අවස්‌ථාවට එක්‌ව සිටියහ.

අනතුරුව සිංගප්පූරු අගමැතිවරයා සහ එම මහත්මිය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහ ජයන්ති සිරිසේන මැතිනිය විසින් පිරිනමන ලද විශේෂ දිවා භෝජන සංග්‍රහය ද කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි.
« PREV
NEXT »