BREAKING NEWS
latest

728x90

468x60

Monday, January 08, 2018

ගාලු කොටුවේ තත්ත්වය යහපත් අතට - රජයක් ලෙස හරි දේ කරනවා

ගාල්ල කොටුව ලෝක උරුම තත්ත්වයෙන් ඉවත්වීමේ අවධානම පහව ගොස් ඇති බවත් එයට හේතුව රජය යුනෙස්කෝ කොන්දේසි නිසි ලෙස ක්‍රියාත්මක කිරීම බවත් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ඊයේ (07) ගාල්ලේ දී කීවේය. 

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ගාල්ල කොටුවේ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමිනි.

එහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද කීවේය.

"ගාල්ල කොටුව සජීවී ලෝක උරුමයක්. යුනෙස්කෝ සංවිධානය කොටුවේ ගෘහ නිර්මාණ ලක්ෂණ හා එහි පෞරාණික තත්ත්වය සැළකිල්ලට ගෙන මෙය ලෝක උරුමයක් ලෙස පිළිගෙන තිබෙනවා. එය ඒ ආකාරයෙන් ම පවත්වාගෙන යාම සඳහා අදාල කොන්දේසි යුනෙස්කෝ සංවිධානය විසින් ඉදිරිපත් කර තිබුණා. පසුගිය කාලයක් පුරාවට මේ කොන්දේසි කඩකරන ඉදිකිරීම් සිදුවූ නිසා ගාල්ල කොටුව ලෝක උරුම ලේඛනයෙන් ඉවත්වීමේ අවධානමක් තිබුණා. නමුත් අපේ රජය බලයට පත්වූ වහාම මේ කොන්දේසි පිළිබඳ සැළකිලිමත් වෙලා ඒවා දැඩි ලෙස ක්‍රියාත්මක කළා. 

දැන් ආයතන 14ක් කොටුවෙන් ඉවත්කරන්නත් සැළසුම් කර තිබෙනවා. ඇතැම් අය චෝදනා කරනවා ගාල්ල ඕල්සන්ට්ස් මධ්‍ය මහා විද්‍යාලය ඉවත්කරන්න හදනවා කියා. මේ පාසලේ පර්චස් 70ක භූමියක ළමයි 2500ක් ඉගෙන ගන්නවා. ඒ ළමයින්ට සිදුවන අපහසුතා ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ. නමුත් අපි රජයක් ලෙස මේ පාසල මේ ස්ථානයේ තිබිය දී දරුවන්ගේ පහසුකම් ගැනත් සැළකිලිමත් වෙමින් කොටුවේ පෞරාණික බවටත් හානි නොවන ආකාරයෙන් පාසල පුළුල් කරන්නත් සාකච්ඡා කරමින් සිටිනවා. අපි මේ තීරණ ගන්නේ රටත්, රටේ අනාගතය, ආරාක්ෂා කරගත යුතු උරුමයන් හා රටේ ආර්ථිකය ගැනත් හිතලා. විවේචන එනවා. නමුත් අපි රජයක් ලෙස හරි දේ කරනවා. දැනටමත් ලෝක උරුමයක් ලෙස ගාල්ලට අත්ව තිබූ අවධානම ඉවත්වීම අපි ලැබූ විශාල ජයග්‍රහණයක්. ලෝක උරුම ලැයිස්තුවෙන් ගාල්ල හැලී ගියානම් ඒක අපේ රටට විශාල අවමානයක් වෙන්න තිබුණා. "
« PREV
NEXT »