BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, January 23, 2018

මෛත්‍රී-රනිල් ධුරවලින් ඉවත් විය යුතුයි - ටිල්වින් සිල්වා සහ පියසිරි විඡේනායක කියති

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වහාම එම ධුරයෙන් ඉල්ලා අස්‌ විය යුතු බවට ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ද, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වහාම එම ධුරයෙන් ඉවත් කරන ලෙස ජාතික නිදහස්‌ පෙරමුණේ සිට ශ්‍රීලනිපයට එක්‌වූ පියසිරි විඡේනායක මහතා ද ඊයේ (22 වැනිදා) පැවැති මාධ්‍ය හමු දෙකකදී ප්‍රකාශ කළහ. 

අවුරුදු තුනක්‌ රට පාලනය කරලත් ආර්ථිකයට කළ දේ ගැන ජනාධිපතිවරයා දන්නේ නැත්නම් ඔහු එම ධුරයෙන් ඉවත් විය යුතු බවට බත්තරමුල්ල පැලවත්ත ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී ටිල්වින් සිල්වා මහතා පැවසීය.

මහ බැංකු බැඳුම්කර කොමිසම් වාර්තාවේ නම සඳහන් වන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාව වහාම එම ධුරයෙන් ඉවත් කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව කොළඹ පදනම් ආයතනයේ ඊයේ (22 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී පියසිරි විඡේනායක මහතා කීය.

අජිත් අලහකෝන් සහ අරුණ බෝගහවත්ත
« PREV
NEXT »