BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, January 24, 2018

පශු වෛද්‍ය නිලධාරීවරියට මරණ තර්ජණය කළ එජාප අපේක්ෂකයා අත්අඩංගුවට

මහනුවර – ගම්පල රජයේ පශු වෛද්‍ය කාර්යාලයේ ස්ථාන භාර පශු වෛද්‍යවරියට මරණ තර්ජනය එල්ල කළ ගමපල නගරසභාවේ එක්සත් ජාතික පක්ෂ හිටපු නාගරික මන්ත‍්‍රී චන්ද්‍රලාල් සිල්වා මහතාව ගම්පොල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු මෙවර පළාත් පාලන මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙකි.

රජයේ පශු වෛද්‍ය කාර්යාල ඉඩමේ කොටසක් නීතිනිරෝධීව අත්පත් කරගැනීමට දරන උත්සාහයට ස්ථාන භාර පශු වෛද්‍යවරිය විරුද්ධ වීම මත එම කාර්යාලයේ ස්ථාන භාර පශු වෛද්‍යවරියට සහ කාර්ය මණ්ඩලයට එම දේශපාලනඥයා ඇතුළු 20ක පමණ පිරිසක් පැමිණ මරණ තර්ජන කිරීම නිසා ඊට විරෝධය පළ කරමින් පසුගිය 22 සිට එම කාර්යාලය වසා දැමීමට එම වෛද්‍යවරිය පියවර ගෙන තිබිණි.
« PREV
NEXT »