BREAKING NEWS
latest

728x90

468x60

Friday, January 12, 2018

නීතිපතිගේ තර්කය හරිනම් මටත් යලි ජනාධිපතිවරණයට තරග කල හැකියි - හිටපු ජනපති මහින්ද

බැඳුම්කර වංචා පිළිබඳ චෝදනා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ධුර කාලය, පොදු ජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ගැනීමට ඉඩ තිබෙන විනය ක්‍රියාමාර්ග පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අදහස් පළ කළේය.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ධුර කාලය වසර හයක් විය යුතු බවට නීතිපති ජයන්ත ජයසූරිය ඉදිරිපත් කළ තර්කය පිළිබඳව විමසූ අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ එහි තීන්දුව කවරක් වුවත් “මට ප්‍රශ්නයක් නැති,” බවය.

එහෙත් කිසියම් ලෙසකින් අධිකරණය නීපතිවරයාගේ තර්කය පිළිගන්නේ නම්, “අනිවාර්යයෙන්ම මට සහ චන්ද්‍රිකාටත් ඉස්සරහට දෙපාරක් තරග කළොත් පමණයි තරග කිරීමේ අයිතිය අහෝසි වෙන්නේ” යනුවෙන් ද කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේය.

“ඒ නිසා නීතිපතිවරයාගේ තර්කය එයාල පිළිගත්තොත් මට තරග කරන්න පුළුවන්.”‘

එසේ වුවහොත් යළිත් වරක් ජනාධිපති පදවියට තරග කිරීමේ බලාපොරොත්තුවක් තිබෙන්නේ දැයි බීබීසී සිංහල සේවය කළ විමසීමට හිටපු ජනාධිවරයාගේ ප්‍රතිචාරය වූයේ එය පසුව ගත යුතු තීන්දුවක් බවය.

19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාර ජනාධිපතිවරයාගේ නිල කාලය සය වසරක් විය නොහැකි බව සිය පෞද්ගලික මතය බව ද ඔහු සඳහන් කළේය.

ජනතාව වසර හයකට පත් කළ ජනාධිපතිවරයකුගේ ධූර කාලය අඩු කිරීම ජනතාවගේ ඡන්ද බලය හා පරමාධිපත්‍යයට බලපාන කරුණක් වන බවට නීතිපතිවරයා මතු කළ තර්කයට ප්‍රති තර්කයකින් පිළිතුරු දුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, “පාර්ලිමේන්තුව පත්කර ගත්තේ කොහොමද, ජනතාවනේ?” යනුවෙන් ප්‍රශ්න කළේය.

2008 වසරේ සිට 2014 වසර දක්වා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවලදි සිදුව ඇති අවභාවිතයන් පිළිබඳව ද විමර්ශනය කළ යුතු යයි ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් කර ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කොමිසමේ නිර්දේශ ප්‍රකාශයට පත්කරමින් කියා සිටියේය.
« PREV
NEXT »