BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, January 17, 2018

ගම්මන්පිල අධිකරණයට කූට ලේඛණ දුන් බව බ්‍රයන් ෂැඩික්ගෙන් සාක්ෂි සහිතව ඹප්පු කරයි

තමා කිසිදු අවස්ථාවක තම ව්‍යාපාර කොටස්වල බලය පවරා උදය ගම්මන්පිලහට ඇටෝනි බලපත්‍රයක් නොදුන් බවත් විත්තිය අධිකරණයට ඉදිරිපත් කරන්නේ බොරු ලේඛන බවත් මිලියන විසි එකක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය ඇතුළු අධි චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල හා ව්‍යාපාරිකයින්ට එරෙහි නඩුවේ සාක්කි දුන් ඔස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂැඩික් මහතා ඊයේ (16) පැවසීය.

විත්තියේ හරස් ප්‍රශ්න හමුවේ පිළිතුරු දෙමින් බ්‍රයන් ෂැඩික් මහතා මේ බව පැවසීය. කොළඹ මහාධිකරණ විනිසුරු ඒ. ඒ. ආර්. හෙයියන්තුඩුව මහතා හමුවේ එම නඩුව විභාගයට ගැනේ.

දිවා ආහාරයෙන් පසුව එම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී සාක්කි කූඩ‍ුවේ සාක්කි දෙමින් සිටි ඔස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂැඩික් මහතා විත්තිය තමා අපහසුතාවයට ලක්වන අයුරින්, තම සාක්කියට බාධා වන අයුරින් තමා හාස්‍යයට ලක් කරමින් ප්‍රශ්න නගන බව විනිසුරුවරයා වෙත පැමිණිලිකැර සිටියේය.

විත්තියේ එම ප්‍රශ්න කිරීම් හමුවේ මුහුණදීමේ හැකියාව සාක්කිකරු වෙත තිබිය යුතු බව ඒ අවස්ථාවේදී විනිසුරුවරයා දන්වා සිටියේය.

සාක්කිකරුගෙන් වැඩිදුරටත් විත්තියේ හරස් ප්‍රශ්න ඇසීම අද (17)ට කල් තැබිණි.

අධි චෝදනා ලැබ සිටින පිවිතුරු හෙළ උරු‍මයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල හා ව්‍යාපාරිකයකු වූ සිඩ්නි ජයසිංහ යන විත්තිකරුවෝ ඊයේ අධිකරණය හමුවේ පෙනී සිටියහ.

1996 සැප්තැම්බර් 26 හා 1997 සැප්තැම්බර් 23 අතර කාලයේදී රුපියල් මිලියන 21ක මුදලක් සම්බන්ධව සාපරාධී විශ්වාසය කඩකිරීම ආධාර අනුබලදීම හා එම මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට අධිචෝදනා හතරක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා ඇත.

නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පෙනී සිටියේය. විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සමඟ නීතිඥවරු මඬුල්ලක් පෙනී සිටියහ.
« PREV
NEXT »