BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, January 30, 2018

දකුණට ක්‍රියාකාරී වරායක්‌ හා ගුවන් තොටුපළක්‌ ලබා දුන්නා - රනිල් දෙනියායේදී කියයි

එදා හම්බන්තොට වරායක්‌ තිබුණා. නමුත් නැව් ආවේ නැහැ. මත්තල ගුවන්තොටුපළක්‌ තිබුණා. නමුත් අහස්‌යානා ආවේ නෑ. නමුත් එම තත්ත්වය වෙනස්‌ කර දකුණු පළාතට ක්‍රියාකාරී වරායක්‌ සහ ගුවන්තොටුපළක්‌ ලබාදීමට වත්මන් රජයට හැකිවුණැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 

පසුගියදා දෙනියාය සහ කෝට්‌ටේ නගරවල පැවති ජනරැලි අමතමින් අගමැතිවරයා මේ බව කියා සිටියේය.

එදා ඔවුන් පැවසුවේ ඉන්ධන ලබාගැනීමට විශාල නැව් හම්බන්තොටට පැමිණෙන බවයි. එහෙත් එක්‌ තෙල් ටැංකියක්‌වත් නොමැතිව ඉන්ධන ලබාගන්නේ කෙසේද? මෙම වරාය බද්දට ගත් සමාගම් පැවසුවේ එවැනි පහසුකම් නොමැතිව වරාය ඉදිරියට ගෙන යා නොහැකි බවයි. වරාය ආශ්‍රිතව තෙල් පිරිපහදුවක්‌ හදන්න වරාය බද්දට ගත් සමාගම ඉල්ලීමක්‌ කළා. අප ඊට අනුමැතිය ලබා දුන්නා. ඒ වගේම එල්. එම්. බී. විදුලි බලාගාරයකට අපි අවසර දුන්නා. සිමෙන්ති කර්මාන්ත ශාලාවක්‌, වානේ කර්මාන්ත ශාලාවක්‌ සහ නැව් අලුත්වැඩියා කිරීමට නැව් තටාකාංගණයක්‌ ඉදි කිරීමට අපි අනුමැතිය දුන්නා. 

මේ සියල්ල හම්බන්තොට සංවර්ධනයේ මූලික වැඩකටයුතු පමණක්‌ යෑයිද අගමැතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
« PREV
NEXT »