Tuesday, January 16, 2018
Home
Gossip Lanka News
අත්අඩංගුවට ගත් කොකේන් ප්‍රසිද්ධියේ විනාශ කෙරේ
අත්අඩංගුවට ගත් කොකේන් ප්‍රසිද්ධියේ විනාශ කෙරේ
-
Tuesday, January 16, 2018
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 928 ක් ප්‍රසිද්ධියේ විනාශ කිරීම ඊයේ (15 දා) පෙරවරුවේ කටුනායක ආයෝජන ප්‍රවර්ධන මණ්‌ඩල පරිශ්‍රයේදී සිදු විය.
ජනපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක, ඇමැතිවරුන්වන තලතා අතුකෝරල, රංජන් රාමනායක, පියසේන ගමගේ, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්‌ඩලයේ සභාපති මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු, මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකායේ අධ්‍යක්‌ෂ වෛද්‍ය සමන්ත කිතලවආරච්චි යන මහත්ම මහත්මීන්ගේ හා තවත් විශාල පිරිසකගේ නිරීක්‌ෂණය යටතේ මේ කටයුත්ත සිදු කරන ලදී.
මෙසේ අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගයක් ජනමාධ්‍යයට නිරාවරණය කරමින් ප්‍රසිද්ධියේ විනාශ කෙරුණු පළමු අවස්‌ථාව මෙය වීම විශේෂත්වයකි.
ඒ සඳහා දායක වූයේ විෂ ද්‍රව්‍ය විනාශ කරන ආයතනයක් වන ENCEE ECOCYCLE ආයතනයයි. එම ආයතනයේදී එම මත්ද්‍රව්‍ය දියර බවට පත්කර පසුව පුත්තලම සංස්ථා සිමෙන්ති කර්මාන්ත ශාලාව වෙත ගෙන ගොස් එසේ විනාශ කරනු ලැබිණි.
2016 වසරේ දෙසැම්බර් 09 වැනි දින ඉක්වදෝරයේ බෙල්ජියම හරහා ඉන්දියාවේ මුන්රා වරාය වෙත නෞකාවක් තුළ ප්‍රවාහනය කරන ලද දැව කොටන් අඩංගු කන්ටේනරයක තිබි අත් අඩංගුවට ගන්නා ලද එම කොකේන් තොගය කිලෝ 928 ග්‍රැම් 229ක් විය.
මෑතකදි ස්ථාපිත කරන ලද මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මැඩලිමේ විශේ දිසාව බාර ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පති ලතීෆ් මහතාට බුද්ධි අංශ මගින් ලැබුණ තොරතුරකට අනුව ඒ වන විට කොළඹ වරාය ආසන්නයෙන් යාත්‍රා කරමින් තිබු පොලීසියත් පොලිස් විශේෂ කාර්ය බළකාය සහ රේගුව එක්ව කරනු ලැබූ විශේෂ වැටලීමකින් පසු අත්අඩංගුවට ගෙන කොළඹ වරාය වෙත ගෙනවිත් පරික්ෂා කිරීමේදී එම කොකේන් තොගය අත් අඩංගුවට ගැනීමට හැකි වි තිබුණි.
එම කොකේන් තොගය දකුණු ආසියාවේදී හමුවූ විශාලම වටිනාකමකින් යුත් කොකේන් තොගය වූ අතර ඒවා ලෝක මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රබලම කෝටිපති ධනකුවේර මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් පිරිසකට අයත් කොකේන් තොගයක් බව බුද්ධි තොරතුරුවලින් අනාවරණය කරගෙන ඇත.
එහෙත් එම කොකේන් තොගය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමට තරම් ප්‍රබල සාක්ෂියක් මත සැකකරුවන් නොවූ බැවින් නඩු පැවරිමක් සිදු කළ නොහැකි තත්ත්වයක් වූ බැවින් අවශ්‍ය නීතිමය පියවර ගැනීමෙන් පසු නීතිපතිවරයා දැනුවත් කර මෙම කොකේන් තොගය විනාශ කිරීමට හැකියාව සම්බන්ධයෙන් විමසීමෙන් පසු වැටලීම සම්බන්ධයෙන් උධෟත ගොනු හා විමර්ශණ වාර්තා අධ්‍යයනය කර එම කොකේන් තොගය විනාශ කිරීම විෂ මත්දුව්‍ය අබිං සහ අන්තරාදායක ඖෂධ ආඥා පනතේ වගන්ති ප්‍රකාරව අධිකරණ නියෝගයක් ලබා ගැනීමෙන් අනතුරුව විනාශ කිරීමට පියවර ගැනිණි.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා සහ රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ නිළධාරීන් ඉදිරියේදි එම කොකේන් තොගය යලි පරීක්ෂාවට ලක්කර නැවත එකින් එක කිරා මැන බලා ජනාධිපතිවරයා ඇතුලු සියලු දෙනා ඉදිරියේදී ඒවා ආරක්ෂිතව සකස් කර තිබූ ජල ටැංකිවලට දමා දියර කර අනතුරුව දැඩි ආරක්ෂිත රැකවල් මධ්‍යයේ පුත්තලම දක්වා ගෙන ගොස් එහිදීද සියලු ආරක්ෂක නිළධාරීන් ඉදිරියේදි සිමෙන්ති පෝරණුවට දමා පුළුස්සා දහනය කිරීම ආරම්භ කරනු ලැබිණි
ඊයේ මධ්‍යම රාත්‍රියට ආසන්න වන තෙක්ම එම දහනය කිරිමේ කර්තව්‍ය සිදු කෙරුණ අතර එම කොකේන් තොග දියර කිරීමේ සිට දහනය කර අවසන් වන තෙක් විවෘතව මාධ්‍යයට පියවරෙන් පියවර ඒවා ජායාරූප ගත කිරීමටත් වීඩියෝ ගත කිරීමටත් අවස්ථාව සළසා දෙමින් ඒ ඔස්සේ මහජනතාවට එම කොකේන් විනාශ කිරීමේ කටයුතු දැකබලා ගැනීමටද අවස්ථාව සළසා දෙනු ලැබිණි.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...