BREAKING NEWS
latest

728x90

468x60

Thursday, January 18, 2018

FIRE AND FURY හෙළි කරන ට්‍රම්ප් චරිතය

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන ලියවී ඇති FIRE AND FURY කෘතියෙහි ඔහුගේ මැක්‌ඩොනල්ඩ්ස්‌ ආහාර කෙරේ ඇති රුචිකත්වය ගැන සඳහන් ව ඇත. ඔහු රාත්‍රියේදී මැක්‌ඩොනල්ඩ්ස්‌ ආහාර වේලක්‌, ඔහුගේ සයනයේදීම ගන්නා බව එහි වැඩිදුරටත් සඳහන්ව ඇත.

ඔහුගේ බාලම දියණිය ටිෆ්නි, TMC ඡායාරූප ශිල්පියකු fire and fury පොත ගැන කළ විමසීමකදී පවසා ඇත්තේ එම පොතෙහි සඳහන් වන අන්දමට මැක්‌ඩොනල්ඩ්ස්‌ ආහාර ගත හැකි නම් ඔහු වඩා සතුටු විය හැකි බවය . 

පොතේ සඳහන්ව ඇත්තේ ඔහු දිනපතා මැක්‌ඩොනල්ඩ්ස්‌ ආහාර වේලක්‌ සයනයෙදී ආහාරයට ගන්න බව නොව , ඇතැම් විට ඔහු සායනයේ හිඳ හැම්බර්ගයක්‌ ආහාරයට ගන්නා අතර රුපවාහිනි නාලිකා තුනක්‌ නරඹන බව යයි ටිෆ්නි පවසා සිටී. ඇය පවසන්නේ මෙම වාර්තාකරු තොරතුරු පටලවා ගෙන ඇති බවය. 

ඒ කෙසේ වෙතත් ට්‍රම්ප් ගේ මැක්‌ඩොනල්ඩ්ස්‌ රුචිකත්වය ඇමෙරිකානුවන්ට නොරහසකි. ට්‍රම්ෆ් පවසන්නේ එම ආහාර වල ප්‍රමිතියේ ස්‌ථිර භාවය නිසා එය ඉතා ආරක්‌ෂාකාරී විකල්පයක්‌ බවයි. ඔහු මැක්‌ඩොනල්ඩ්ස්‌ ආහාර ප්‍රිය කරන්නේ ඔහුගේ ආහාරවලට විෂක්‌ එකතු වීමේ අවදානම නිසා බවද පැවසේ.

2016 වසරේදී ඔහු CNN වෙත පවසා ඇත්තේ ප්‍රමිතියෙන් තොර එක්‌ හැම්බර්ගයක්‌ නිසා මැක්‌ඩොනල්ඩ්ස්‌ නාමයම විනාශ විය හැකි නිසා ඔවුන් සිය ආහාරවල ප්‍රමිතිය පිළිබඳව ඉතා සුපරීක්‌ෂාකාරී වන බවය. පිරිසිදු කම ඉතා ඉහළින් සලකන ට්‍රම්ප් නොදන්නා අවන්හල්වල , නිෂ්පාදනය ගැන සහතික විය නොහැකි ආහාරවලට වඩා මැක්‌ඩොනල්ඩ්ස්‌ වෙත යාම ඉතා සුදුසු බව පිළිගනී.

Fire and fury කෘතියෙහි කතෘවරයා වන මයිකල් වුල්ෆ් පවසන්නේ මේ කෘතිය ලිවීම සඳහා ඔහු කරුණු සපයා ගත්තේ 200 ක්‌ පමණ සම්මුඛ සාකච්ඡා හරහා බවය . එහිදී තොරතුරු සැපයූ ඇතැම් අය ඔවුන්ගේ අනන්‍යතාව හෙළි කරන්නට කැමති වූවද ඇතැමෙක්‌ අකමැතිව ඇත. තවද මෙම කරුණු සම්පාදනය කර ගන්නට වුල්ෆ් ධවල මන්දිරයේ බටහිර ශාඛාවේ ගැවසී ඇති අතර එහිදී ඔහු අමුත්තකු ලෙස සලකා නැති අතර ඔහු ගැන සලකා ඇත්තේ අවසර නැතිව කඩාවදින්නෙක්‌ ලෙසය . 

වුල්ෆ් පවසන්නේ ට්‍රම්ප් ට මදි පුංචි කම් වන ප්‍රකාශ පිට වන්නේ ඔහුගෙන්ම බවය . එම තොරතුරු මුද්‍රණය වූ පසු ඒ පිළිබඳව ඔහුට ඇති වූ කනස්‌සල්ල ඔහු පවසා ඇත්තේ ඔහුට එතරම් විශ්වාසවන්ත වූ අයට නොවන නිසා ඔවුන් මේ තොරතුරු මාධ්‍යයට අනාවරණය කර ඇති බවය. ට්‍රම්ප් එවැනි අවස්‌ථාවක ගෙන ඇති දීර්ඝ දුරකථන ඇමතුමක්‌ පවා මෙම පොතෙහි සඳහන්ව ඇත. 

ට්‍රම්ප් ක්‍රියා කරන්නේ ඔහුගේ උපදේශක ස්‌ටීව් බැනන්ට අවශ්‍ය පරිදිම බව පැවසූ ටයිම්ස්‌ සඟරාවට ඔහු ආවේගශීලීව බැන වැදී ඇත . ස්‌ටීව් බැනන් හට තමා කෙරේ කිසිම බලපෑමක්‌ කළ නොහැකි බව ඔහු අවධාරණය කර ඇත. නිව්යෝක්‌ ටයිම්ස්‌ මාධ්‍යවේදීන් වන මැගී හැබමන් සහ ගේලි කොලින්ස්‌ හට ඔහු මෝඩයන් යයි සලකා බැන වැදී ඇත. 

චාරුණයා දෙහිගම
« PREV
NEXT »