BREAKING NEWS
latest

728x90

468x60

Saturday, February 03, 2018

10 වැනිදාට පස්සේ ආණ්ඩුවේ වෙනසක්

පළාත් පාලන මැතිවරණයෙන් පසු දූෂණ චෝදනා නැති පිරිසකට ආණ්ඩුවේ ඉහළම තනතුරු ලබාදීමට ජනාධිපතිවරයා තීරණයක් ගෙන තිබේ. වත්මන් ආණ්ඩුව පහුගිය වසර තුනක කාලය තුළ ක්‍රියා කළ ආකාරයට ඉදිරි අවුරුදු දෙක ක්‍රියාත්මක විය නොහැකි බව පෙන්වා දෙන ජනාධිපතිවරයා මැතිවරණයෙන් පසුව නිසැකවම පවතින ක්‍රමයේ වෙනසක් විය යුතු බවට තීරණය කර තිබේ.

 රටේ දූෂිත ප්‍රභූ සන්ධානයක් ගොඩනැගී ඇති බවද පවසන ජනාධිපතිවරයා ගෙවී ගිය වසර තුනක කාලයේදී රාජපක්ෂවරුන්ගේ වැරදිවලට දඬුවම් ලබා දීමට නොහැකි වූයේද එක්සත් ජාතික පක්ෂය යටතේ තිබෙන අදාළ ආයතනවල දුර්වලකම නිසා බවද පෙන්වා දෙයි.පසුගියදා මාධ්‍ය ආයතන නියෝජිතයන් සමග පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම තොරතුරු අනාවරණය කළේය.

පානුක රාජපක්ෂ
« PREV
NEXT »