BREAKING NEWS
latest

728x90

468x60

Thursday, February 01, 2018

උප නායක ධුරයෙන් රවි ඉවතට - බැඳුම්කර නඩුවේ නීතිමය පියවර නිම වනතුරු රවී උපනායක තනතුර නොදැරිය යුතුයි - එජාපය නිවේදනය කරයි

ජනාධිපති බැඳුම්කර කොමිසමේ වාර්තාවට අනුව එක්‌සත් ජාතික පක්‌ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාට විරුද්ධව නීතිපතිවරයා සහ අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් නඩු පවරා එම නඩු කටයුතු අවසන් වන තුරු ඔහු දරන එක්‌සත් ජාතික පක්‌ෂ උප නායක ධුරය අත්හිටුවිය යුතු බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කළ තිලක්‌ මාරපන කමිටුව මගින් නිර්දේශ කර ඇත.

ඒ සම්බන්ධව එජාප මහ ලේකම් කබීර් හෂීම් මහතා මාධ්‍ය නිවේදනයක්‌ නිකුත් කරමින් මෙසේ සඳහන් කර තිබේ. 

භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමට අදාළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාව අනුව රවි කරුණානායක මහතා ඇතුළු කිසිදු එක්‌සත් ජාතික පාක්‌ෂිකයකු භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුවට සම්බන්ධ බවට අනාවරණය වී නොමැත. එසේ වුවද පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ අයිතිකරුවන්ටම අයත් හා පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ පාලන කටයුතු මෙහෙයවන්නන් විසින්ම මෙහෙයවනු ලබන සමාගමක්‌ වන වෝල්ට්‌ ඇන්ට්‌ රෝ පුද්ගලික සමාගම විසින් ගෙවන නිවාස, බදු මුදල් නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා අයථා ප්‍රතිලාභ ලැබූ බවට සිදුකළ නිගමනය අනුව ඔහුට විරුද්ධව අල්ලස්‌ පනත හෝ වෙනත් යම් නීතියක්‌ යටතේ කටයුතු කළ යුතුද නැද්ද යන්න නීතිපතිවරයා විසින් හා අල්ලස්‌ කොමිසම විසින් නිගමනය කළයුතු බවට ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් තීරණය කොට ඇත.

එසේම රවි කරුණානායක මහතා විසින් කොමිෂන් සභාව ඉදිරියේ අසත්‍ය සාක්‌ෂි ලබා දෙන ලද බව පෙනී යන හෙයින් ඒ පිළිබඳව පරීක්‌ෂා කොට, එසේ ඔහු විසින් ලබාදී ඇති සාක්‌ෂි අසත්‍ය නම් 1948 අංක 17 විමර්ශන කොමිෂන් සභා පනතේ 9 වගන්තිය සමග එක්‌ව කියවිය යුතු දණ්‌ඩ නීති සංග්‍රහයේ 169 වගන්තිය යටතේ හෝ 188 වගන්තිය යටතේ හෝ වෙනත් යම් නීතියක්‌ යටතේ නඩු පැවරීමට පදනමක්‌ තිබේද යන්න නීතිපතිවරයා විසින් හෝ වෙනත් නිසි අධිකාරියක්‌ විසින් සලකා බැලිය යුතු බවටද කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වේ.

මෙම කරුණු සලකා බැලීමෙන් අනතුරුව රවි කරුණානායක මහතාට විරුද්ධව නඩු නොපැවරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා සහ අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් හෝ අවසන් තීරණයක්‌ ගනු ලබන තෙක්‌ හෝ ඔහුට විරුද්ධව නඩු පැවරුවහොත්, එම නඩු කටයුතු අවසන් වන තෙක්‌ ඔහු විසින් එක්‌සත් ජාතික පක්‍ෂයේ උප නායක තනතුරේ වගකීම් කිසිවක්‌ නොදැරිය යුතු බවට එක්‌සත් ජාතික පක්‍ෂ නායකතුමන් විසින් පත්කරන ලද තිලක්‌ මාරපන කමිටුව විසින් නිර්දේශ කොට ඇත.

පෙබරවාරි මැද භාගයේදී පැවැත්වීමට නියමිත කෘත්‍යාධිකාරි මණ්‌ඩල රැස්‌වීමට මෙම කමිටු වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතය.
« PREV
NEXT »