BREAKING NEWS
latest

728x90

468x60

Thursday, February 08, 2018

'රජෙකුට තිබූ ජනපති බලතල අයින් කළ මා ගැන විශ්වාසය තබන්න' - ජනපති

ජනතා විශ්වාසය සුරකිමින් එදා 2015 ජනවාරි 08 වැනිදා විධායක ජනාධිපති ධුරයට පත්වී රජෙකුට තිබූ ජනාධිපති ධුරයේ බලතල අයින් කළේ තමා බවත්, මෙදා නැවත තමා කෙරෙහි විශ්වාසය තබා දූෂණය, වංචාව, නාස්තිය, පවුල්වාදයෙන් තොර චරිතවත්, පිරිසිදු දේශපාලන නව සංස්කෘතියක් ඇතිකිරීමට එකතු වන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කෙළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ‘අත’ ලකුණින් එළැඹෙන පළාත් පාලන මැතිවරණයට පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වී සිටින අපේක්ෂක අපේක්ෂිකාවන්ගේ ජය තහවුරු කිරීමේ විජයග්‍රාහී මහා ජනරැලියට එක්වෙමින් ජනාධිපතිවරයා එසේ කීය.

පොළොන්නරුව ආර්ථික මධ්‍යස්ථාන භූමිය අසල පැවැති මේ විජයග්‍රාහී ජනරැලියට අතිවිශාල පිරිසක් සහභාගි වී සිටියහ. ඉකුත් ජනවාරි මස 10 වැනිදා ඓතිහාසික අනුරාධපුරය ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන අනතුරුව අනුරාධපුරය සල්ගාදු ක්‍රීඩාංගණයෙන් ඇරඹි පුංචි ඡන්ද සටනේ ප්‍රචාරක රැලි මාලාවේ අවසන් මහා ජනරැලිය ඊයේ සවස පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ ද කීය.

අද තමුන්නාසේලා මේ ඓතිහාසික පොළොන්නරුවේ මේ මහා ජනරැලියට එකතු වී සිටින ආකාරය දුටු විට අපගේ ජයග්‍රහණය ස්ථිරයි කියා නොබියව කියන්න පුළුවන්.

අපි හිටපු ආණ්ඩුවේ දූෂණවලට විරුද්ධ වුණා. දැන් තිබෙන ආණ්ඩුවේ දූෂණවලටත් විරුද්ධයි. මම කවදාවත් දූෂිතයෝ ආරක්ෂා කරන්නේ නැහැ. ඒවාගේමයි හිටපු පාලකයින්ට මම කියනවා පුළුවන් නම් අපි ගතවූ අවුරුදු තුනේ සිදුකළ සංවර්ධනය ගැන විවාදයකට එන්න කියලා. අපි වෛරයෙන් දේශපාලනය කරන්නේ නැහැ. දූෂණවලට ඉඩ තබන්නේත් නැහැ. අපේ එකම සිහිනය ගම, නගරය, රට දියුණු කිරීමයි. පිරිසිදු පාලනයක්, නව දේශපාලන සංස්කෘතියක් ඇතිකිරීමයි.

මුළු රටේම පළාත් නවයේම, දිස්ත්‍රික්ක 25 ම ජනරැලිවලට මා ගියා. පුදුමාකාර ජනගඟක් ඒවාට ආවේ. අපේ ජයග්‍රහණය බොහොම පැහැදිලියි ජනාධිපතිතුමා කීහ. මේ අවස්ථාවට බෞද්ධ, හින්දු, ඉස්ලාම්, කතෝලික ආගමික පූජක ප්‍රසාදීන් වහන්සේලා ඇතුළු මැති ඇමැතිවරු, ආණ්ඩුකාරවරු, පොදු ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.
« PREV
NEXT »