BREAKING NEWS
latest

728x90

468x60

Sunday, February 04, 2018

අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන අත්අඩංගුවට

ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ පර්පචුවල් ට්‍රෙෂරීස් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මීට ටික වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අර්ජුන් ඇලෝසියස් අත්අඩංගුවට ගනු ලැබුවේ කොල්ලුපිටිය, මල්පාරේ පිහිටි ඔහුගේ නිවසේදී වන අතර කසුන් පාලිසේන වැල්ලවත්ත, අර්තුසා මාර්ගයේ පිහිටි නිවසකදී අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් දෙදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය .

මහ බැංකු බැඳුම්කර සම්බන්ධ විමර්ශනයන්ට අදාළව අභ්‍යන්තර රහස්‍ය මූල්‍ය සංවේදීතාවක් ඇති තොරතුරු භාවිත කිරීම, කුමන්ත්‍රණය කිරීම හා අනුබල දීම යන වැරදි සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා අධිකරණයට පොලිසිය කරුණු වාර්තා කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් දෙන්නට ඔවුනට දන්වා තිබුණි.

ඔවුන් දෙදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .
« PREV
NEXT »