BREAKING NEWS
latest

728x90

468x60

Thursday, February 22, 2018

මහින්දට අගමැතිකම දෙනවා නම් බහුතරය පෙන්වීමට අපි සූදානම් - ගාමිණී ලොකුගේ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාට අගමැතිකම දෙනවා නම් එම ආණ්‌ඩුවේ බහුතරය පෙන්වීමට ඒකාබද්ධ විපක්‌ෂය සූදානම් යෑයි පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා පැවසීය. 

පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර 114 ක බහුතරයක්‌ පෙන්වීමට ඒකාබද්ධ විපක්‌ෂයට හැකි බව ද හෙතෙම කීය.

අලුත් ආණ්‌ඩුවක්‌ අලුත් අගමැතිවරයකු පත්කිරීමට බාධා වී ඇත්තේ ඒකාබද්ධ විපක්‌ෂය ඇමැතිකම් නොගැනීම බවට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා කළ ප්‍රකාශය ප්‍රතික්‌ෂේප කරන බවත් එම ප්‍රකාශයෙන් ශ්‍රීලනිපයේ බංකොලොත්භාවය පෙනී යන්නේ යෑයි ද මෙම මාධ්‍ය හමුවේ අදහස්‌ දැක්‌වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පැවසීය.

පළාත් පාලන මැතිවරණ ක්‍රමයේ විකෘති භාවය කෙතරම්ද යන්න ඇප අහිමිවූ කණ්‌ඩායම්වලිනුත් මන්ත්‍රීවරුන් පත්වීමෙන් පැහැදිලි වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා පැවැසීය.

පළාත් පාලන මැතිවරණයට තරග කළ කණ්‌ඩායම් සිය ගණනක ඇප අහිමිවී ඇති අතර ජනතා විමුක්‌ති පෙරමුණේ සියයට 70 ක්‌ පමණ ඇප අහිමිවී ඇතත් මන්ත්‍රීවරුන් පත්වනු ඇතැයිද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අන්දමින් ඇප අහිමිවීත් මන්ත්‍රීවරුන් පත්වුණ රටක්‌ ලෝකේ කොහේවත් නැතුව ඇතැයි පැවැසූ මන්ත්‍රීවරයා මෙය විහිළුවක්‌ බවද පැවැසීය.

මෙම මැතිවරණ පනත රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ හා ජනතා විමුක්‌ති පෙරමුණේ වුවමනාවට අනුව සංශෝධනය වූ එකක්‌ බවටද හෙතෙම චෝදනා කළේය.

පළාත් පාලන මැතිවරණ පවත්වා මේවනවිට දින 11 ක්‌ ගතවීත් ආයතන ස්‌ථාපිත කිරීමට නොහැකිවී ඇති බවත් මේ පිළිබඳව පළාත් පාලන ඇමැතිවරයා, ආණ්‌ඩුව සහ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වගකිවයුතු බවත් මන්ත්‍රීවරයා කීවේය.

බොරැල්ල ආචාර්ය එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේදී ඊයේ (21 දා) පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

අනුර බාලසූරිය
« PREV
NEXT »