BREAKING NEWS
latest

728x90

468x60

Monday, February 12, 2018

රාජපක්ෂ හිතවාදියෙකුගෙන් රුපවාහිනී සංස්ථාවේ ජාතික සේවක සංගමයේ උපසභාපතිට ප්‍රහාරයක්

ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ ජාතික සේවක සංගමයේ උපසභාපති ධූරය දරන මාධ්‍යවේදියෙකුට පසුගිය 10 වනදා  දහවල් මැතිවරණය පැවැත්වෙන  අවස්ථාවේදී ප්‍රහාරයක් එල්ල වී ඇති බවට අපට තොරතුරු වාර්තා වේ .මෙලෙස එම උපසභාපතිවරයා වෙත ප්‍රහාරය එල්ල වී ඇත්තේ සංස්ථාවේ පුවත් අංශයේම සේවයේ නියුතු පසුගිය රාජපක්ෂ රජය රැකගැනීම සදහා අවසන් මොහොත තෙක් දැවැන්ත කාර්යයක ඉටු කල රාජපක්ෂ හිතවාදියෙකුගෙන් බවයි .නම හෙළි නොකරන සංස්ථාවේ සේවකයකු අපට කියා සිටියේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ දහවල් සිය චන්දය භාවිතා කළ පුවත පළ කිරීමට යාමේදී ඇතිවූ කතාබහක් දුරදිග යාමත් සමඟ මෙම පුද්ගලයා  ජාතික සේවක සංගමයේ උපසභාපතිවරයාට පහර දී තිබේ . 


2015 ජනාධිපතිවරණය අවස්ථාවේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ යහපාලනය සඳහා කැපවූවන්ගේ ප්‍රතිරූපය විනාශ කිරීමට මඩ පුවත් නිර්මාණය කිරීමට කුලී සේවකයකු ලෙස මොහු බඳවාගෙන ඇත්තේ .පසුගිය රාජපක්ෂ රජය පරාජය වීමත් සමඟ යහපාලන රජයේ බලධාරීන්ගේ සුරතලෙකු බවට පත්වීමට මෙම පුද්ගලයාට හැකිව තිබෙන බවයි සංස්ථාවේ සේවකයන් පවසන්නේ .මොහු නිරන්තරයෙන්ම සංස්ථා සේවකයන්ට හිංසාකාරීව හැසිරෙන බවත් පාලන අධිකාරිය මොහු විසින් ග්‍රහණය කරගෙන ඇති බවත්, මොහුට එරෙහිව කිසිවක් කිරීමට කිසිවකු ඉදිරිපත් නොවන බවත් වාර්තාවේ .

දැඩි මත්ලෝලියකු ලෙස නිරන්තරයෙන් හැසිරෙන මෙම පුද්ගලයා පසුගිය වසරේ සිරිපා සමයේ ගංජා රැගෙන යමින් සිටියදී නල්ලතන්නිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සංස්ථාවට පිං සිදුවන්නට ඔහුට දැඩි ලෙස අවවාද කොට මුදාහැරිය බවට සංස්ථාවේ බොහෝදෙනකු දන්නා කුප්‍රකට කරුණකි . ඊයේ උදෑසන වරුවේද මෙම ප්‍රහාරය එල්ල කළ අවස්ථාවේදී ද මෙම පුද්ගලයා කිසියම් මත්ද්‍රව්‍යයක් භාවිතා කොට සිටින්නට ඇති බවටයි සංස්ථා සේවකයන් සැක පළ කරන්නේ .
ප්‍රහාරයෙන් උපසභාපතිවරයාගේ ශාරීරිකව තුවාල,සිරීම් හා තැලීම් සිදු වී ඇති අතර ඇදුම් පැළදුම් හා ආයිත්තම් වලට ද බාහිර වශයෙන් හානි සිදු වී ඇති බව වාර්තා වෙනවා .එහෙත් ආයතනයේ කීර්ති නාමයට සිදුවන හානිය සහ ආයතන ප්‍රධානීන්ගේ බලපෑම් හේතුවෙන් ඔහු මේ පිළිබඳ පොලිසියට පැමිණිලි කිරීමක් සිදුකර නොතිබුනත් ආයතනයේ 
පරිපාලනයටත් , ආරක්ෂක අංශයටත් මේ පිළිබඳ පැමිණිලි කර තිබෙන බව තතු දත් ආරංචි මාර්ග පවසනවා .මෙවැනි මත් ලෝලී උන්මත්තකයන් රාජපක්ෂ කුලී හේවායන් යහපාලන රජයේ ආයතන තුළට රිංගා ගනිමින් යහපාලන රජය ජනතාව අතර අප්‍රසාදය පත් කරන්නට සැඟවුනු කාර්යයක් රාජපක්ෂලා යළි බලයට ගෙන ඒම වෙනුවෙන් 
සිදුකරමින් සිටින බවට තවත් සාක්ෂි අවැසිද . රාජපක්ෂ පාලනය යටතේ එක්තරා පෞද්ගලික නාලිකාවක පාර්ලිමේන්තු කටයුතු වාර්තා කරණයේ නිරත වූ මේ පුද්ගලයා 
ඒ හරහා එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සමඟ සම්බන්ධතා ගොඩනඟා ගන්නා අතර ඒ හරහා සිරිකොතට ඇතුළු වනවා . රාජපක්ෂ චර පුරුෂයකු ලෙස ක්‍රියාකරන මොහු ඒ හරහා එජාපයේ අභ්‍යන්තර තොරතුරු රාජපක්ෂලා වෙත ගෙන යාමට සැඟවුණු කාර්යයක් සිදු කරනවා . එජාපය ට හා එහි නායකයන්ට මඩ ප්‍රහාරවල ප්‍රබල පසුබිම් කාර්යයක් මොහු විසින් සිදු කරනවා .රාජපක්ෂ සමයේ එජාප අභ්‍යන්තර තොරතුරු ගෙනයාමේ චර පුරුෂයා වූ මොහු අද වනවිට ජාතික රුපවාහිනීයේ යහපාලන හිතවාදියකු ලෙස රංගනයේ යෙදී සිටියත් මොහුගේ ඉතිහාසය හොද හැටි දන්නා සංස්ථා සේවකයන් මොහුගේ ඊනියා වැඩපිළිවෙල හොඳහැටි වටහා ගෙන තිබෙනවා .

රාජපක්ෂ රජය බිඳ වැටීම පසු පසුගිය සම්බන්ධතා හරහා මේ ආණ්ඩුවේ ප්‍රබල පාක්ෂිකයකු ලෙස පෙනී සිටිමින් මොහු අද වන විට වාර්තාකරණයට එහා ගොස් විදෙස් සංචාර හා විවිධ වරප්‍රසාද  පවා දිනා ගෙන ඇත්තේ තම කූට හැකියාව භාවිතා කරමින්.මෙවන් පුද්ගලයන් අද වන විට ජාතික සේවක සංගමයේ උපසභාපතිවරයාට පහර දෙන්නට තරම් එඩිතර වී තිබෙනවා .යහපාලන රජයට දුෂ්ටකම් කරන මෙවන් දුෂිත බලවේග පන්නා දැමීමට රජය කටයුතු කළ යුතු බවට ප්‍රබල දැනුම්දීමක් මෙවර මැතිවරණයෙන් පවා ලැබී ඇත්තේ ද මේ ප්‍රස්තුතය තුළය.
« PREV
NEXT »