BREAKING NEWS
latest

728x90

468x60

Thursday, February 08, 2018

මහින්ද කොටියට සල්ලි දුන්නා - Patali Champika Ranawaka

"මහින්ද මහත්තයා කොටින්ට සල්ලි දෙන එක එතුමා නතර කළේ ගෝඨාභය මහත්තයාට බෝම්බ ගැහුවට පස්සේ. ගෝඨාභය මහත්තයාට බෝම්බ ගැහුවේ සල්ලි දෙන අතරමැදියා ඒ සල්ලි පිට්පොකට් ගැහුවා නිසා. ඒ නිසා කොටියා කෝප වෙලා රාජපක්ෂ මහත්තයාට අත තිබ්බා. ඊට පස්සේ තමයි මහින්ද මහත්තයා කකුල් දෙකම එක ළඟ තියාගෙන සටන් කළා" යැයි අමාත්‍ය චම්පික රණවක පවසයි.

මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ මාතර - මාලිම්බඩ ප්‍රදේශයේ පසුගියදා පැවති එක්සත් ජාතික පක්ෂය ජනහමුවකට එක්වෙමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චම්පික රණවක අමාත්‍යවරයා,

"අපි අද මේ රටේ පිළිලයක් වගේ තිබුණු දූෂණය, ඒ සමඟ තිබුණු ප්‍රශ්නවලට අද අපි උත්තර දීලා තියෙනවා. දූෂණය පිළිබඳව මේ රටේ ලොකු උනන්දුවක් තිබුණා. අද දූෂණයට තිත තියන්න පුළුවන් රටක් අපි හදලා තියෙනවා. ආණ්ඩුවේ ඇමතිවරු තුන්දෙනෙක් අපි ගෙදර යවලා තියෙනවා. මේ ආණ්ඩුව යටතේ වංචා කරන්න ඉදිරිපත් වන ඕනෑම කෙනෙකුට දඬුවම් කරන්න පුළුවන් බව අපි පෙන්නුවා බැදුම්කර සිදුවීම සමඟ මතුවුණු කාරණය සමඟ. මහින්ද මහතාගේ කාලේ ඒවා තිබුණද? ප්‍රාදේශීය සභාවල, පළාත් සභාවල හිටපු ස්ත්‍රී දූෂකයන්ට, කොන්ත්‍රාත්කරුවන් කාටවත් දඬුවම් දුන්නේ නැහැ. අපි ඒ බව පෙන්වා දුන්නා. ඒ වෙලාවේ අරලියගහ මන්දිරයට කැඳවලා කිව්වේ කන එක හලාගන්නේ නැතුව කාපන් කියලා. එයාගේ අවවාදය ඒක. මේ යුගය අපි වෙනස් කළා. අද තරාතිරම නොබලා දඬුවම් දෙන්න පුළුවන් රටක් අපි හදලා තියෙනවා. ඒ වගේම අතීතයේ වංචා දූෂණ කළ සියලු දෙනාටම මහින්ද මහත්තයාද, බැසිල් මහත්තයාද, ගෝඨාභය මහත්තයාද තරාතිරම නොබලා අනාගතයේ දී දඬුවම් දෙනවා. ජනාධිපතිවරණයේදී, මහ මැතිවරණයේදී වගේම, මේ පුංචි ඡන්දයේදීත් ජනතාව ඡන්දය දෙන්නේ ලැබෙන්නේ ඒකට.

අද බොහෝ දෙනෙක් රට රවට්ටන්න රණවිරුවෝ ගැන කතා කරනවා, එරට බේරගත්ත එක ගැන කතා කරනවා. 2005 එතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණු වෙලාවේ අපිත් සහයෝගය දුන්නා. නමුත් එතුමා ඡන්ද වෙලාවේ උපකාර ගන්න කොටින්ට කෝටි දහසය හමාරක් ගෙව්වා කියලා අපි දන්නේ නැහැ. බලයට ආවට පස්සේ යුද්ධය ඇති වෙන්න ආසන්නයේදී රාඩා ආයතනය හරහා කෝටි 80ක් කොටින්ට දුන්නා. අද ඒ නඩුව යනවා.

ඊළඟට කොළඹ හමුදා මූලස්ථානයේ ඉඩම පැය 24න් ගෝඨාභය මහත්තයා විදේශිකයන්ට තුට්ටු දෙකට විකුණුවා. අද කෝටි 550ක් අවුරුද්දට ගෙවනවා. රණවිරුවන් පාරට අැද දමලා, ඒ ඉඩම තුට්ටු දෙකට විකුණලා, ඒ ඉඩමෙන් එන සල්ලි පුතාලා, බෑනලා, ලේලිලාගේ එකවුන්ට්වලට දාගත්තු මිනිස්සු කොහොමද දේශප්‍රේමියෝ වෙන්නේ. "

කැළුම් ජයවීර - මාතර
« PREV
NEXT »