BREAKING NEWS
latest

728x90

468x60

Monday, February 26, 2018

සංශෝධනයෙන් එජාපය ඇවිලේ - මම ඉල්ලා අස්වෙනවා කියමින් අජිත් පී. පෙරේරා ගේම ඉල්ලයි - නැවතත් විදුලි බලයම ඉල්ලා ගනී

බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමතිවරයා ලෙස ඊයේ (25) දිනයේ දිවුරුම් දුන් අජිත් පී. පෙරේරා මහතා ඊට විරෝධය පල කරමින් එක්සත් ජාතික පක්‍ෂය නාවකත්වයට දැඩි බලපෑම් කර ඇති බව වාර්තා වෙයි.

ඔහු කොතරම් තදින් බලපෑම් කර ඇත්ද යත් අද (26) දිනයේදී ඔහු නැවතත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය ඇමතිවරයා ලෙස යලි දිවුරුම් දීමට සූදානමින් සිටී.

ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරංචි මාර්ගද සනාථ කර සිටින්නේ එවන් දිවුරුම් දීමක් හෙට දිනයේ සිදු විය හැකි බවය.

ඇමති මණ්ඩල සංශෝධනයත් සමගින් එක්සත් ජාතික පක්‍ෂය තුල දැඩි කැළඹීමක් හටගෙන ඇති බවද වාර්තා වන අතර තමනට පෙර ඇමති ධුරය හෙට දිනය තුල නොලදහොත් සියල්ල අතහැර යන බවටද අජිත් පී පෙරේරා මහතා දැඩිව අනතුරු අගවා ඇති බවද සිරිකොත ආරංචි මාර්ග කියා සිටී.

මේ නිසා එජාප නායකත්වය විසින් ජනාධිපතිවරයාට කරන ලද දැඩි ඉල්ලීම මත හෙට දිනයේදී නැවත වතාවක් අජිත් පී. පෙරේරා මහතා පෙර ඇමති ධුරයේ දිවුරුම් දීම සිදුවනු ඇති බවද දැනගන්නට ඇත.
« PREV
NEXT »