BREAKING NEWS
latest

728x90

468x60

Thursday, February 15, 2018

ජෝනිගේ විරෝධයෙන් නිමල්ගේ අගමැති සිහිනය හබක්

ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයකු වන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අගමැති කර ශ්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවීමට සහය දෙන්නැයි නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා ඒකාබද්ධ විපක්ෂයෙන් කල ඉල්ලීමක් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ දැඩි විරෝධයට හේතුවෙන් බකල් වී ඇත.

දයාසිරි ජයසේකර වැනි ද්‍රෝහීන් සිටින ආණ්ඩුවකට තමා එක්නොවන බව ඒකාබද්ධයේ කුරුණෑගල දිස්ත්‍රීක් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දැඩි ලෙස අවධාරණය කර සිටීම ඊට හේතුවයි.

දයාසිරි වැනි පුද්ගලයකු නිසා ජොන්ස්ටන් වැනි අයකු අහිමිකර ගැනීමට තමා කිසිඳු ලෙසකින් කටයුතු නොකරන බව මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත.
« PREV
NEXT »