BREAKING NEWS
latest

728x90

468x60

Thursday, February 08, 2018

ඡන්දදායකයෝ දූෂිත වී ඇති බව ලාල්කාන්ත කියයි

“එදා කෑවේ ප්‍රාදේශිය සභාව.මේ සැරේ කෙළින්ම කන්නේ ගම.ගිය සැරේ ප්‍රදේශයකට මන්ත්‍රී හිටියේ නැති නිසා තමන්ට ඕන ඕන හැටියට මන්ත්‍රීවරු වැඩ කළා.ඒක වෙනස් කරන්න තමයි හැම කොට්ඨාසයකටම සංවර්ධනය බෙදිලා යන විදියට මේ සැරේ කොට්ඨාස ක්‍රමයෙන් ඡන්දය පවත්වන්නේ” යැයි ජනතා විමුක්ති පෙරමුණේදේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසීය.

ලාල්කාන්ත මහතා මේ බව පැවසුවේ උඩුබද්දාව -යගම්වෙල ප්‍රදේශයේ ජන හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කේ.ඩී. ලාල් කාන්ත මහතා,

“අපි අවුරුදු 70ක් රටේ ගෙනාපු ක්‍රමයක් වෙනස් කරනවා මේ ඡන්දෙන් පස්සේ.මොකක්ද ක්‍රමය.අපි ඉල්ලන කොට්ඨාසේ මන්ත්‍රිවරයාගේ තියෙන බලය අපි අහෝසි කරනවා.එයාට ඕන ඕන ජාති කිරීමේ බලය අපි අහෝසි කරනවා.නැති කරලා ගමේ සභාවකට බලය දෙනවා.අපි එන්නේ ගම හදන්න.හොරකම නවත්තන්න. අපට ලැබෙන්නේ රුපියලයි නම් 1යි සත 10 ක හරි වැඩ කරන්න.සත 90 ක වැඩ කරන්න නෙමෙයි අපි එන්නේ.සත 50 ක වැඩ කරන්නත් නෙමෙයි.

අද දේශපාලකයෝ වගේම ඡන්ද දායකයොත් දූෂිත වෙලා.මොනවාහරි දුන්නොත් තමයි ඡන්දේ දෙන්නේ.අම්මට දෙනවා සිල් රෙද්ද නිවන් යන්න.තාත්තට දෙනවා ගල් බෝතලේ කාණුව දිගේ යන්න.ඡන්ද දෙකම අරන් සාක්කුවේ දාගන්නවා.ඕක තමයි කතාව.ජනතාවත් දූෂිතයි.” යනුවෙන්ද කියා සිටියේය.
« PREV
NEXT »