BREAKING NEWS
latest

728x90

468x60

Sunday, February 11, 2018

රවි, බුධ සහ සිකුරු කුම්භයේ බලවත් වෙයි - ඹබේ ලග්නයට කොහොමද?

උදාවූ පෙබරවාරියේ අහස්‌ ගැබේ ග්‍රහ සිත්තම තුළ කලකට පසු අපූර්ව සුබ ග්‍රහ බලයක්‌ උදාකරමින් නවග්‍රහයන් අතරින් ප්‍රමුඛතම ග්‍රහ ත්‍රිත්වයක්‌ වන රවි, බුධ හා සිකුරු යන ග්‍රහයන් සෙනසුරුට අයත් කුම්භ රාශියේ එක්‌වනු ඇත. ඒ අනුව පසුගිය පෙබරවාරි 06 වැනි දින දහවල් 12.00 ට සිකුරු ග්‍රහයා තම මිත්‍ර රාශියක්‌ වන සෙනසුරුට අයත් කුම්භයට ගෝචර ගමනින් පැමිණි අතර, පෙබරවාරි 13 වැනි දින අළුයම 2.47 ට රවි ග්‍රහයාත්, 15 වැනි දින පාන්දර 03.36 ට බුධ ග්‍රහයාත් කුම්භයට ගෝචර වනු ඇත. ඒ අනුව මෙම ග්‍රහ ගෝචරය සමඟින් රවි, බුධ හා සිකුරු ප්‍රබල සුබ බලයක්‌ ඉස්‌මතු කරමින් කුම්භයේ බලවත් වනු ඇත. රවි ට කුම්භය සතුරු වුවත් බුධට සම රාශියක්‌ වන අතර කුම්භ රාශියේ දී සිකුරු මිත්‍ර වනවා සේම යෝග කාරකයාද වනු ඇත. රවි ග්‍රහයා ග්‍රහලොව පාලක ග්‍රහ තාරකාව වන අතර සුබයට සැපයට අධිපති වන සිකුරුත් ඥානයට හා බුද්ධියට අධිපති වන බුධත් එකම රාශියක එක්‌වීම යහපත උදා කිරීමකි.

මෙම ග්‍රහ ත්‍රිත්වය මේෂ ලග්න විශ්ව කේන්දරය තුළ 11 වැන්න තුළත් ලංකා කේන්ද්‍රය වන කුම්භයේ ලග්න භාවයේත් යෝග වීම රට හා ලෝකය තුළ යම් පමණක යහපත් ප්‍රතිඵල උදාවනු ඇත. රට තුළ හා ජනතාව අතර පවතින ප්‍රශ්න ගැටලු වල යම් පමණක යහපත් ප්‍රතිඵල උදා වීමක්‌ දැකගත හැකිය. එමෙන්ම පාලන හා පරිපාලන අංශවල ඇතිවන අර්බුqද යම් පමණකින් විසඳී යනු ඇත. මෙය ආසන්න වශයෙන් වසරකට දෙවරක්‌ පමණක්‌ සිදුවන සුවිශේෂී ග්‍රහ මාරුවක්‌ හෙවත් ග්‍රහ එකතුවකි. ඒ අනුව මෙතැන් සිට එළැඹෙන මාර්තු 03 වැනි දින දක්‌වා මෙම තත්ත්වය පවතිනු ඇත. මිථුන, තුලා, මකර හා කුම්භ යන ලග්නවලින් උපන් අයට මෙම ග්‍රහ මාරුව බොහෝ අංශවලින් සුබ ප්‍රතිඵල උදාවනු ඇත. අනෙකුත් ලග්නවලට සුබ හා අසුබ මිශ්‍රඵල උදා වනු ඇත. 

ඒ අනුව ඉහත සඳහන් කළ බුධ, රවි හා සිකුරු යෝග වීම මත පෙබරවාරි 06 වැනි දින සිට උපදින දරුවන් ඉතාම වාසනාවන්ත වන අතර ඔවුන්ගේ ග්‍රහ බලය යහපත් වනු ඇත. එසේම මෙම කාලසීමාව තුළ උපදින දරුවන් අනාගතයේ අපේ රටේ මෙන්ම විදේශයන් තුළද කැපී පෙනෙන උගතුන් හා බුද්ධිමතුන් වනු නොඅනුමානය.

අධ්‍යාපනය හා ඒ ආශ්‍රිත කටයුතු, පාසල් හා විශ්ව විද්‍යාල, නීතිය, ජ්‍යෙdතිෂය, ලේඛන කලාව, ගුරු වෘත්තිය, කවිය, පොත්පත් හා වෙළෙ¹ම මෙන්ම මුද්‍රණ කර්මාන්තයටද මෙම ග්‍රහ මාරුව ඉතාම යහපත් වන්නේය. එම අංශවල කැපී පෙනෙන දියුණුවක්‌ ඇති වනු ඇත.

ලග්න පලාපල 

මේෂ

යම් යම් මානසික පීඩා හා ගැටලු ඇතිවීමට ඉඩ ඇත. වෙහෙසකාරී හා තරගකාරී ලෙස එදිනෙදා කටයුතුවල යෙදීමට සිදුවේ. මුදල් අතේ නොරැඳේ. වැය පක්‌ෂය ඉහළ යනු ඇත. උසස්‌ අධ්‍යාපනයට මධ්‍යස්‌ථ වේ. වන්දනා ගමන් මෙන්ම වෙනත් ගමන් බිමන් නම් අධික වේවි. පවුල් ජීවිතය යහපත් වන අතර ආදායම් තත්ත්වය ඉහළ යනු ඇත. ඒ වගේම රැකියා ස්‌ථානයෙන් උසස්‌ වීමක්‌ද හිමි වීමට ඉඩ තියනවා. හදිසි ධන ලාබ හිමියි. විදේශ ගමන්වලටද එක්‌විය හැකිය. විදේශීය හිතවතුන්ගේ උදව් උපකාර ලැබේ. සුඵ සුඵ අසනීප හැර සෞඛ්‍ය තත්ත්වය නම් යහපත්ය. 

වෘෂභ

කාර්යබහුල කාලයකි. ඒ වගේම රැකියා ස්‌ථානයෙන් මාරුවක්‌ නම් හිමි වීමට ඉඩ තියනවා. අධ්‍යාපන කටයුතු සඳහා විදේශ ගමන්වලටද එක්‌විය හැකිය. කෙටි ගමන් බිමන් නම් අධික වේවි. විමසිලිමත් වීම වැදගත්. සුඵ අනතුරුවලට ලක්‌විය හැකිය. සහෝදරයන්ට අසුබ වෙයි. නව මිතුරු සබඳතා ගොඩ නැගේ. මෙම කාලය තුළ බලාපොරොත්තු එතරම් ඉටු නොවෙයි. නමුත් ගමන් බිමන් අධිකවීමට ඉඩ ඇත. මෙම කාලයේ නෑයෙක්‌ හෝ හිතවතුන් සමග අමනාප වීමට ඉඩ ඇත. බලාපොරොත්තු වූ ණයක්‌ අවසන් මොහොතේ ලැබෙයි. 

මිථුන

පෙර පින හා වාසනාව උදාවන කාලයකි. අධ්‍යාපන කටයුතුවලට ඉතාම යහපත් කාලයකි. පවුල් ජීවිතය සාර්ථක වන අතර තම සහකාරියගෙන් හෝ සහකරුගෙන් ධනය ලැබීමටද හැකිය. සුඵ සුඵ අසනීප හැර සෞඛ්‍ය තත්ත්වය යහපත්ය. ඔබට ශුභදායක වනු ඇත. ඔබට ඉහළ තනතුරු හා රැකියා උසස්‌වීම් ලැබෙයි. ඔබගේ ජනප්‍රියතාව ඉහළ යන අතර සමාජයේ ගෞරවයටද පාත්‍ර වෙයි. මංගල යෝජනා ස්‌ථිර වන අතර පෙම්වතුන්ට ශුභදායක වනු ඇත. උසස්‌ අයගේ ආධාර උපකාර හා විදේශ රැකියා බලාපොරොත්තු ඉටු වෙයි. දරුවන්ගේ දියුණුවට කරනා කටයුතු සාර්ථක වෙයි.

කටක 

තනතුරු ලාභ ලැබෙයි. උසස්‌ අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර අලුතින් අරඹන කටයුqතු සාර්ථක වේ. නමුත් මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍යය පිරිහීමට හැකියාව පවතිනවා. ඒ අසනීප නිසා රැකියාවේ හදිසි පහත වැටීම් ඇතිවිය හැකියි. අදාළ නොවන කටයුතු නිසා රැකියාවේ වෙනසකට හෝ ඉන් ඉවත් වීමට ඉඩ ඇත. එම නිසා ආදායම් තත්ත්වය පහළ යැමට හැකිය. විවාහ බාධා ඇති වූ අවිවාහක අයට මංගල යෝග උදා වේ. උසස්‌ අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර සිතේ ඇතිවන මානසික අසහනය දුරු වෙයි. 

සිංහ

ආගම දහමට සිත යොමුවේ. ලොතරැයි ජය ලැබීමේ වාසනාවත් හිමියි. නඩු හබවලට නම් යන්න එපා පාඩු වෙන්න පුඵවන්. රෝගවලට හරියට ප්‍රතිකාර නොගත්තොත් රෝහල් ගතවීමේ අවදානමකුත් තියනවා. රැකියා ස්‌ථානයෙන් හෝa වාසස්‌ථානයෙන් මාරුවක්‌ වගේම රැකියාවේ උසස්‌ වීම් වගේම හවුල් ව්‍යාපාරවලින් ආදායම්ද හිමිය. ගෘහ ජීවිතය මධ්‍යස්‌ථව ගත වේ. වෙනදාට වඩා වෙහෙස වී වැඩ කිරීමට සිදුවේ. වාහන හා දේපළ ලාභ හිමිවීමේ අවස්‌ථා උදා වනු ඇත.

කන්‍යා 

මුදල් ඉතිරි නොවන කාලයකි. හවුල් ව්‍යාපාරවලින් නම් පාඩු විය හැකිය. නව රැකියා හා විදේශ රැකියා කටයුතු සඳහා නම් අවස්‌ථාවන් උදා නොවනු ඇත. ශරීර සෞඛ්‍ය අනුව ආමාශගත රෝග ඇතිවීමට ඉඩ ඇත. මේ කාලය තුළ ප්‍රසිදAධිය කීර්තිය අඩුවන අතර ලොතරැයි ජයග්‍රහණ නම් බලාපොරොත්තු විය හැකිය. සහෝදරයකුගේ කටයුත්තක්‌ සඳහා කාලය හා ශ්‍රමය වැය කිරීමට සිදුවනු ඇත.

තුලා

ඔබට මෙම කාලය සුබදායක වේ. ව්‍යාපාර හා දේපළ ලාභ ඇති වීමට ඉඩ ඇත. ආරක්‌ෂිත සේවාවල සන්නිවේදන ක්‌ෂේත්‍රයට හෝ ගමනාගමන අංශවලට යොමු වූ අයට වඩාත් සුබදායකය. දරුවන්ගේ කටයුතු වර්ධනය වන අතර රැකියාවේ ඉදිරි ගමනට නව අවස්‌ථා ඇතිවිය හැකිය. සමාජයේ පිළිගැනීම ඇතිවන අතර සෞඛ්‍ය තත්ත්වය යහපත්ය. අසනීපවලින් සුවයක්‌ අත් වේ. ගෘහ ජීවිතය තුළ අය පක්‌ෂය ඉහළ යනු ඇත. උසස්‌ කෙනකුගේ අසල්වාසීන් සමඟ නව සබඳතා ඇති වීමට ඉඩ ඇත. ආරක්‌ෂිත සේවාවල අයට සුභදායක වේ. විවාහ අපේක්‍ෂිත අයට දුර බැහැරින් යෝජනා ඉදිරිපත් වනු ඇත. අධ්‍යාපනයට සුබදායක වේ. බලාපොරොත්තු වූ ණය මුදලක්‌ ලැ‚මට හැකිය. 

වෘශ්චික

ආදායම් තත්ත්වය පහළ යනු ඇත. අලුතින් නිවාස ඉදිකිරීමට හෝ දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය එතරම් යහපත් නැත. පපුවේ සෙම් අමාරු වගේ දේවල් ඇතිවිය හැකිය. රෝහල් ගතවීමේ අවදානමකුත් තියනවා. ඔබට මිශ්‍ර ඵලදායී වනු ඇත. නමුත් පැවති අසනීප පීඩා කරදර ආදියෙන් යම් සහනයක්‌ හා සුවයක්‌ ලැබෙනු ඇත. ආදායම් මාර්ග එතරම් සරු නොවන අතර, වෙළෙඳ වාHdපාරවලින් පාඩු සිදු වේ. සේවක ගැටළු හා ගෘහ නිර්මාණයකට සම්බන්ධව ගැටළු පැන නැඟීමට හැකිය. වා, පිත් සම්බන්ධ රෝගාබාධ හටගැනීමට අවස්‌ථා ඇත.

ධනු 

මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍ය පිරිහීමට හැකියාව පවතිනවා. සෙම් ආශ්‍රිත රෝගාබාධ ඇති විය හැකියි. නමුත් ආදායම් තත්ත්වය යම් ප්‍රමාණයකට වර්ධනය වේවි. සමාජ සේවා පොදු කටයුතුවලින් ගෞරවය හා පිළිගැනීම ඔබට ලැබේවි. පරම්පරාගත දේපළ වාසි හිමිවේ. ධනු ලග්න හිමි ඔබට මෙම කාලය සියලු අංශවලින් මධ්‍යස්‌ථව සුභදායකයි. දරුඵල අපේක්‌ෂිත අයට දරුඵල උදාවනු ඇත. ධන ලාභ, රැකියා වාසනා, තනතුරු, ලොතරැයි වාසනා බොහෝ විට උදාවේ. මැණික්‌ වාසනා හිමිය. කැපී පෙනෙන රෝගාබාධ දක්‌නට නොමැත.

මකර

රැකියා අංශවල විසිතුරු භාණ්‌ඩ අලෙවිය වැනි අංශවලින් ආර්ථික වාසි හිමිය. අධ්‍යාපනයට සම්බන්ධ අයට ඒ කටයුතුවලින් දක්‌ෂතා ගෙන දෙයි. ස්‌වයං 

රැකියාවල නිරත වන්නන්ට සුබදායකය. රෝගවලට හරියට ප්‍රතිකාර නොගත්තොත් ඒවායේ සුවය ප්‍රමාද වනු ඇත. ගෘහ ජීවිතය සතුටුදායකය. රැකියාවේ උසස්‌ වීම් වගේම වෙනස්‌ වීම්ද බලාපොරොත්තු විය හැකිය. නව මිතුරන් ඇසුරට ලැබෙයි. ප්‍රීති උත්සව වලට සහභාගි වීමට අවස්‌ථා උදාවනු ඇත. විදේශ ගමන් සාර්ථක වේ. සිත් සතුටට කරුණු යෙදෙයි. මේ කාලය බිරිඳ හා සැමියාට ශුභදායි වීමට ඉඩ ඇත.

කුම්භ 

ඔබගේ අධ්‍යාපනයට හොඳයි. ඒ වගේම රැකියා ස්‌ථානයෙන් උසස්‌ වීමක්‌ද හිමි වීමට බොහෝ දුරට ඉඩ තියනවා. පවුල් ජීවිතය යහපත් වන අතර ආදායම් තත්ත්වය ඉහළ යනු ඇත. අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලයේදී සිත යොමු වේ. ගෞරවය හා පිළිගැනීම ඔබට ලැබේවි. දරු උපත් මගින් පවුල වර්ධනය වීමට ඉඩ ඇත. ධනය අතින් යහපත්ය. උසස්‌ අධ්‍යාපන අවස්‌ථා උදා වේ. ව්‍යාපාර අංශවලට සුබදායක වේ. අචිවාහක අයට මංගල යෝජනා උදාවේ. ධන ලාභ, රැකියා වාසනා, තනතුරු, ලොතරැයි වාසනා බෙහෝ විට උදාවේ. 

මීන 

මෙම කාලසීමාව තුළ කරන කියන කටයුතුවලට බාධා එල්ල විය හැකිය. ඒ වගේම අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය යහපත් නොවනු ඇත. මුදල් ඉතිරි නොවන කාලයකි. මිතුරන් නිසා දෝෂාරෝපණ එල්ල වේ. කීර්තිය, ප්‍රශංසාව, ගෞරවය හා සමාජ පිළිගැනීම මෙම කාල සීමාව තුළ අහිමිවනවා ඇත. ව්‍යාපාරවලින් ආදායම්ද අඩු වේ. පවතින රෝගාබාධ සුව වීමට ප්‍රමාද වන අතර, සෞඛ්‍ය තත්ත්වයද අයහපත්ය. ඔබට මෙම කාලය මධ්‍යස්‌ථ වේ. රැකියා අංශවල රාජ්‍ය අනුග්‍රහය හා උසස්‌ අයගේ සහාය නම් ලැබේ.

ජ්‍යේතිෂවේදී බණ්‌ඩාරගම, 
සම්පත් එස්‌ කල්පගේ 
"තසුනි" සෙත්කවි හා ජ්‍යෝතිෂ සේවය,
නො. 53/ඒ 1,විහාර මාවත, ගම්මන්පිල, 
බණ්‌ඩාරගම
« PREV
NEXT »