BREAKING NEWS
latest

728x90

468x60

Thursday, February 22, 2018

ඇමති මණ්ඩල සංශෝධනය හෙට (23) සවස - පොඩ්ඩන්ට ලොකුතැන් හමුවෙන හැටි මෙන්න

දින කිහිපයක් තිස්සේ කතාබහට ලක්වූ අමාත්‍ය මණ්ඩල සංශෝධනය හෙට (23) පස්වරුවේ සිදුකරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 


ඒ අනුව ප්‍රාදේශිය සංවර්ධන ඇමති ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යධූරයද , රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමති කබිර් හෂිම් මහතාට මහමාර්ග අමාත්‍යධූරය හිමිවීමට බොහෝ දුරට ඉඩ ඇති බව නිල නොවන ආරංචි මාර්ගවලින් පැවසේ .

එක්සත් ජාතික පක්ෂයට අයත් අමාත්‍යධූරවල සිඳුවන වෙනස්කම් ඇතුළත් අමාත්‍යවරුන්ගේ ලේඛන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත අද (22) රාත්‍රීයේ බාරදී ඇතැයිද එම ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.

මහමාර්ග විෂයද නීතිය සාමය හා නීතිය හා සාමය යන විෂයන්වල යම් වෙනසක් සිදුකෙරෙනු ඇතැයි නිල නොවන ආරංචි මාර්ග කියයි.

මේ අතරේ රාජ්‍ය ඇමතිවරුන් වන රවින්ද්‍ර සමරවීර , සුජීව සේනසිංහ , නියෝජ්‍ය ඇමතිවරුන් වන ආචාර්ය හර්ෂද සිල්වා , අජිත් පී පෙරේරා යන මහත්වරුන් කැබිනට් නොවන ඇමතිවරුන් ලෙස පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවද වාර්තා වේ .

යෝජිත ඇමති මණ්ඩල සංශෝධනයේදී ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් කිහිප දෙනෙකුගේද විෂය පථයන් වෙනස් වීමට ඉඩ ඇති අතර මහින්ද අමරවීර , දයාසිරි ජයසේකර යන ඇමතිවරුන්ට වැඩි වගකීම් පැවරීමට බොහෝ දුරට ඉඩ ඇති බව පැවසේ .

මේ අතර අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා යටතේ ඇති පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව ඇතුලු විෂයන් කිහිපයක් සංස්කෘතික අමාත්‍යාංශය යටතට පැවරීමට බොහෝ දුරට ඉඩ ඇති බව නිල නොවන ආරංචි මාර්ග කියයි.
« PREV
NEXT »