BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, February 14, 2018

එජාපය සමග ආණ්ඩු කරන හා විපක්‍ෂයට යන ශ‍්‍රීලනිප ඇමති ලයිස්තුව මෙන්න - Exclusive

පලාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල සමඟ ආණ්ඩුවේ පැවැති ඇති අර්බුදය ක්‍රමයෙන් පහ වී නැවත වරක් සියල්ලම අගමැති රනිල් වික්‍රමසිංහ සහ සිරිසේන ජනාධිපතිවරයාට අවශ්‍ය පරිදි අවසන් වෙමින් පවති.

ඒ අනුව බොහෝ දුරට එජාප සමඟ ශ්‍රිලනිප ජාතික ආණ්ඩුව පවත්වාගෙන යෑමට විරුද්ධ වූ කොටස් ඔහුන් විසින්ම පාලනය කර ගෙන ඇති අතර කිහිප දෙනෙකු හැරුණු කොට අනිකුත් සියලු දෙනාම සුපුරුදු පරිදි අමාත්‍ය ධූරයන් හි ඇති සුඛෝපභෝගි පහසුකම් භුක්ති විදිමින් ඉදිරි වසර 2 ක් එසේ යෑමට තීරණය කර ඇති බැව් ප්‍රධාන පක්ෂ දෙකටම සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.

විශේෂයෙන්ම තම ආසන අන්ත පරාජයට පත් වු ශ්‍රිලනිප ලේකම් දුමින්ද දිසානායක, සංධාන ලේකම් මහින්ද අමරවීර, එස් බී දිසානායක, සරත් අමුණුගම, විජිතමුණි සොයිසා, මනුෂ නානයක්කාර, තිලංග සුමිතිපාල, ශ්‍රියානි විජේවික්‍රම ඇතුලු අමාත්‍යවරුන් රාශියක් ජනාධිපතිවරයා සමඟ එකඟතාවයකට පැමිණ ඇත්තේ තව දුරටත් ඔහුනට ආණ්ඩුවේ තනතුරුවල රැදි සිටීමට අවශ්‍ය බැවින් ශ්‍රීලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නම් තමන් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වී තවදුරටත් අමාත්‍ය ධූර වල රැදි සිටින බවයි.

එහෙත් ජෝන් සෙනෙවිරත්න, සුසිල් ප්‍රෙම්ජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් සිරිපාල වැනි අමාත්‍යවරුන් තම තනතුරු අතහැර විපක්ෂයට යෑමට සූදානම්ව සිටි.
« PREV
NEXT »