BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, February 13, 2018

වසර හතරහමාර ගතවනතුරු පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ - Jayampathy Wickramaratne

යම් හෙයකින් පාර්ලිමේන්තුව විසුරුවන ලෙස යෝජනාවක් ඉදිරිපත් වුවහොත් එම යෝජනාව තුනෙන් දෙකක බහුතරයෙන් සම්මත වියයුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස හිටපු ජනාධිපති, පාර්ලිමෙන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා සිදුකර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජයම්පති වික්‍රමරත්න මහතා මේ බව සඳහන් කළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ජයම්පති වික්‍රමරත්න මහතා සඳහන් කළේ වත්මන් පාර්ලිමේන්තුව වෙනුවෙන් වසර පහක ජනතා වරමක් ලැබී ඇති බවත් පාර්ලිමේන්තුව ගැන කතා කිරීම වෙනුවෙන් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ජනතා වරම ලබා දී නොමැති බවයි.මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කණ්ඩායම කවරක් සඳහන් කළත් ඔවුන්ගේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට මෙවර පළාත් පාලන මැතිවරණයේදී හිමිව ඇත්තේ 2015 ජනාධිපතිවරණයේදී ඔවුන්ට ලැබුණු ජන්ද ප්‍රමාණයටත් වඩා අඩු ඡන්ද ප්‍රමාණයක් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණය පැවැත්වූයේ ගම නියෝජනයට, ගමට වැඩකිරීම වෙනුවෙන් නියෝජිතයින් පත්කිරීමට මිස පාර්ලිමේන්තුව වෙනස් කිරීමට නොවන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.පළාත් පාලන මැතිවරණයකදි පාර්ලිමේන්තුවට බලපෑමක් සිදුකළ හැකිනම් ලෝකයේ සියළු රටවල් එලෙස සිදු කරනු ඇති බවත් විවිධ ප්‍රකාශ සිදුකරමින් ජනතාව නොමඟ යවන්නට මෙම පිරිස තවමත් උත්සාහ දරන බවත් මන්ත්‍රීවරයා කීය.

පසුගිය ජනාධිපතිවරණය, මහ මැතිවරණය යන මැතිවරණ දෙකේදීම ප්‍රධාන පක්ෂ දෙකට මෙරට ජනතාව ලබාදුන් ජයග්‍රහණයට වඩා වෙනස් තීන්දුවක් පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ලබාදී ඇති බැවින් තමන් සතු අඩුපාඩු මෙන්ම වෙනස්කම් සිදු කරගනිමින් සකස් කරගත යුතු දේවල් සියල්ල සම්බන්ධයෙන් ප්‍රධාන පක්ෂ දෙකම අවධානය යොමුකළ යුතු බවත් වික්‍රමරත්න මහතා සඳහන් කළේය.විශේෂයෙන්ම ජනාධිපතිවරණයේදී ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකරමින්, ජනතා අභිලාෂයන් කෙරෙහි අවධානය කිරීම ප්‍රධාන පක්ෂ දෙකම සතු වගකීමක් බවත් හෙතෙම පැවසීය. එමෙන්ම පසුගිය ජනාධිපතිවරණයේදි එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙත ලැබුණු ජනවරමට මෙවර පළාත් පාලන මැතිවරණයේදි කිසිඳු හානියක් සිදුව නොමැති බවත් ජයම්පති වික්‍රමරත්න මහතා අවධාරණය කළේය.
« PREV
NEXT »