BREAKING NEWS
latest

728x90

468x60

Friday, February 02, 2018

දූෂිත දේශපාලනඥයන් අද එකට සන්ධානගත වෙලා - Maithripala Sirisena

බලය අනිසි ලෙස භාවිතා කරමින් රාජ්‍ය සම්පත් විනාශ කළ පසුගිය යුගයේ සිටි නායකයන් ඒ පිළිබඳව කතා කිරීමටවත් අකැමැති වූ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපතිවරයා එසේ පැවසුවේ පොළොන්නරුව සෙවණපිටියේ දී ඊයේ (01 වැනිදා) පැවැති පළාත් පාලන ආයතන මැතිවරණ ජන රැලියක්‌ අමතමිනි.

අද දූෂිත දේශපාලනඥයන් එකම කණ්‌ඩායමක්‌ ලෙස සන්ධානගතව සිටින බවත් බොහෝ දෙනා බලය ඉල්ලන්නේ ජනතාවට සේවය කිරීමට නොව තම පුද්ගලික සංවර්ධනය උදෙසා බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

තමා සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස කොළඹ මහ බැංකු මූලස්‌ථානයේ පැවැති රජයේ සංවර්ධන කටයුතු පිළිබඳ සාකච්ඡාවකට සහභාගි වූ අවස්‌ථාවේදී මැති ඇමැතිවරුන් සමඟ රජයේ වංචා දූෂණ පිළිබඳව කථා කළ විට පසුදා උදැසන තමා අරලියගහ මන්දිරයට කැඳවූ හිටපු නායකයා ආණ්‌ඩුවේ ඇමැතිවරයෙක්‌ සහ පක්‍ෂයේ ලේකම් ලෙස වංචා දූෂණ පිළිබඳව කථා නොකළ යුතු බවටත් වෙනත් ගමනක්‌ යැමට සුදානම් වනවාදැයි විමසා සිටි බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

« PREV
NEXT »