BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, February 14, 2018

නිමල් සිරිපාල අගමැති කරන්නවානම් ආණ්ඩුවට සහය දෙනවා - පොහොට්ටු පිල ජනපතිට පවසයි - Nimal Siripala de Silva


අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අගමැති කිරීමට අතුරලියේ රතන හිමි ප්‍රමුඛව, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, අමාත්‍ය දයාසිරි ජයසේකර හා විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් හිටපු ජනපති හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වේ.

මේ සාකච්ඡා ආරම්භ වී ඇත්තේ අද (14) පැවැති ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම හා ජනපතිවරයාගේ සාකච්ඡාවෙන් පසුවය.

ඒ එම සාකච්ඡාවෙන් පසුව මෛත්‍රීපාල මහතා නිමල් සිරිපාල ද සිල්වා මහතා කැඳවා ශ්‍රීලනිප ආණ්ඩුවක් සෑදීමට අවශ්‍ය නම් අගමැතිධූරය සිරිපාල මහතාට ලබාදීමට අකමැත්තක් නැති බවත්, එම අවස්ථාව ඔහුට පළමුව දෙන බවත්, ඒ සඳහා හෙට (15) පස්වරු 2.00ට පෙර වැඩි බහුතරය වන මන්ත්‍රීන් 113 පෙන්වන්වා ලබා ගන්නැයි පවසා තිබේ.



කෙසේවුවද, කුමන තත්ත්වයක් යටතේ හෝ මහින්දට ආණ්ඩුවක් සෑදීමට සහය නොදෙන බවට, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, විජිත් විජයමුණි සොයිසා, ෆයිසර් මුස්තාපා හා මහින්ද සමරවීර යන අමාත්‍යවරු එකඟතාවයක සිටින බවද පැවසේ.

මේවන විට රතන හිමි ප්‍රමුඛ කන්ඩායම රිශාඩ් බදුයුදීන් මහතා තමඟද ආණ්ඩුවක් සෑදීමට සාකච්ඡා පැවැත්වීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතුව ඇති මන්ත්‍රී ආසන සංඛ්‍යාව 96ක් වන අතර වැඩි බහුතරය පෙන්වීමට මන්ත්‍රීවරු 113ක් පෙන්විය යුතුවේ.

පොදු සන්දානයෙන් නිමල් සිරිපාල අගමැති කරන්නැයි ඉල්ලයි

මහින්ද රාජපක්ෂ ඇතුලු පොහොට්ටු පිල නිමල් සිරිපාලද සිල්වා මහතා අගමැතිකරනවානම් තමන්ගේ සහයෝගය ආණ්ඩුවට ලබාදෙන බවට ජනපතිවරයාට පවසා ඇති බවට ගොසිප්99 වෙත වාර්තාවේ. 

කෙසේ නමුත් කරූ ජයසුරිය මහතා අගමැති කිරීමටද පිරිසක් කැමැත්ත පලකර ඇති බවට විශ්වාස කටයුතු ආරංචිමාර්ග සදහන් කරයි
« PREV
NEXT »