BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, February 27, 2018

අගමැතිට රනිල්ට විශ්වාසභංගයක්‌ රාජ්‍ය ඇමැති රංගේ බණ්‌ඩාර පෙරමුණගනී - වීඩියෝ

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්‌ පාර්ලිමේන්තුවට ගෙන ඒමට තමන් ඇතුළු එක්‌සත් ජාතික පක්‌ෂ මන්ත්‍රී පිරිසක්‌ තීරණය කර ඇති බව වාරිමාර්ග රාජ්‍ය ඇමැති පාලිත රංගෙ බණ්‌ඩාර මහතා ඊයේ (26 වැනිදා) පැවසීය.


අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්‌ පාර්ලිමේන්තුවට ගෙන ඒමට තමන් ඇතුළු එක්‌සත් ජාතික පක්‌ෂ මන්ත්‍රී පිරිසක්‌ තීරණය කර ඇති බව වාරිමාර්ග රාජ්‍ය ඇමැති පාලිත රංගෙ බණ්‌ඩාර මහතා ඊයේ (26 වැනිදා) පැවසීය.

එක්‌සත් ජාතික පක්‌ෂයේ නායකත්වයේ ද පූර්ණ වෙනසක්‌ සිදු කළ යුතු බවත් එම වෙනස සිදු නොකොට කුමන කැබිනට්‌ වෙනස්‌කම් සිදු කළත් පක්‌ෂය ඉදිරියට ගෙන යැමට නොහැකි බවත් රංගෙ බණ්‌ඩාර මහතා කීය. 04-පිටුවට

එම නායකත්ව වෙනස සිදු කරන්නට බලලෝභීත්වයෙන්, ආත්මාර්ථකාමීත්වයෙන් ඔද්දල් වන ඇතැම් නායකයන් කැමති නොවනු ඇති බවත් එසේ වුවහොත් විශ්වාසභංගයකින් හෝ ඔහු අගමැති ධුරයෙන් ඉවත් කිරීමට තමන් ඇතුළු පිරිස සූදානම් බවත් රංගෙ බණ්‌ඩාර මහතා පැවසීය.

මේ හඬ පුත්තලමේ ආණමඩුවේ හඬ නොවන බවත් මුළු රටේම ජනතාවගේ හඬ බව වික්‍රමසිංහ මහතා තේරුම්ගත යුතු බවත් ජනතාවගේ හඬට කන් දිය යුතු කාලය එළැඹ ඇති බවත් බණ්‌ඩාර මහතා කීය.

රටේ විශ්වාසය නැති පුද්ගලයාට එරෙහිව මෙසේ අනුකම්පා විරහිතව අප විශ්වාසභංගයක්‌ ගෙන එන බවත් එම විශ්වාසභංගයේ නායකත්වය ගැනීමට තමන් සූදානම් බවත් පුත්තලමේදී ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්‌ වෙමින් රංගෙ බණ්‌ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.

එක්සත් ජාතික පක්‍ෂය සමග ගිවිසුම්ගතව සිටින හකීම්, බදියුදීන් ඇතුළු කිසිදු සුළු පක්‍ෂයක් මේ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් ස්ථාවරයක් ගෙන නැති අතර එජාපය යටතේ 106ක් පාර්ලිමේන්තු පැමිණියද එක්සත් ජාතික පක්‍ෂය සෘජුව නියෝජනය කරන මන්ත‍්‍රී ධුර ගණන 82කි.


« PREV
NEXT »