BREAKING NEWS
latest

728x90

468x60

Thursday, February 22, 2018

අගමැති පාර්ලිමේන්තුවේදී උගුලක වැටේ

පිවිතුරු හෙල උරුමය පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.


පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී සීමා නිර්ණයට මුවා වෙලා පළාත් සභා මැතිවරණය දින නියමක් නොමැතිව කල් දමන්න ආණ්ඩුව කටයුතු කළා. විශේෂයෙන්ම සබරගමුව උතුරුමැද සහ නැගෙනහිර පලාත් සභාවල මැතිවරණය කල් ගොස් තිබෙනවා. එදා අපි අගමැතිතුමන් හමුවී ඒ සම්බන්දයෙන් අපේ විරෝධය පලකලාම අගමැතිතුමන් අපිට පොරොන්දු වුනා 2018 මාර්තු 31 ට කලින් පළාත් සභා මැතිවරණය පවත්වන බවට. එවිට අපි එතුමන්ට කිව්වා අපට ලබාදෙන වාචික පොරොන්දු පමණක් ප්‍රමාණවත් නැහැ. මෙය හැන්සාඩ් ගත වෙන්න පාර්ලිමේන්තු සභා ගර්භයේ මේ ප්‍රකාශය කරන්න කියලා. අපි එතුමන්ව උගුලකට දැම්මේ. එතුමන් උගුල ඇතුලට ඇවිදිමින් ඇවිත් පාර්ලිමේන්තුවේදී ඒ ප්‍රකාශය කලා. 2017 සැප්තැම්බර් 20 දා හැන්සාඩ් වාර්තාවේ 306 පිටුවේ ඒ බව සඳහන් වෙනවා.

“ විශේෂයෙන්ම මම මෙතනදී එක් කාරණයක් සදහන් කරන්න ඕනෑ. මාර්තුමාසය අවසන් වෙන්න කලින් අපි ක්‍රියා කරනවා, අපි බලාපොරොත්තු වෙනවා, පළාත් තුනේ මැතිවරණත් පළාත් පාලන ආයතනවල මැතිවරණත් සියල්ලම අවසන් කරන්න. ඒක තමයි අපේ අරමුණ. “ ලෙසින් එදා අගමැතිතුමන් පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශය එම හැන්සාඩ් වාර්තාවේ සදහන් වෙනවා.

එවිට එතුමන්ගේ හිත මිත්‍ර අනුරකුමාර දිසානායක මහතා අහනවා “ එහෙමනම් මාර්තු මාසයේ වුණත් අපිට පුළුවන්කම තිබෙනවා පළාත් සභා කිහිපයක හෝ…

අගමැතිතුමන් අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශය සම්පුර්ණ කරන්නත් කලින් කියනවා “ ඊටත් වඩා පුළුවන් “ කියලා

එවිට දිනේෂ් ගුණවර්ධන මහතා අසනවා “ සීමා නිර්ණ කටයුතු අවසන් කරන්නේ කුමන කාලයේද? “

අගමැතිතුමන් එවිට ප්‍රකාශ කරනවා “ ඒකත් අපි දැන් මාස හතරකට අඩු කරන්නයි ඉන්නේ. උපරිමය මාස හතරයි. ඕනෑ නම් ඊට ඉස්සර වෙලා කරන්න පුළුවන්. මේ පළාත් තුනේ කටයුතු මුලින් කරලා අනෙක් ඒවා ඊට පස්සේ කරන්න පුළුවන් “

අප මේ උපුටා දැක්වුයේ 2017 සැප්තැම්බර් 20 දා හැන්සාඩ් වාර්තාවේ 306 පිටුවෙන්.

මේ වන විට මේ මාස හතර ඉවරවෙලත් මාසයයි. අද ඉඳන් මාර්තු 31ට තිබෙන්නේ දින 39යි. නමුත් සීමා නිර්ණය වාර්තාවක් අපි තවම දැකලා නෑ. වාර්තාව ඇමතිතුමාට භාර දුන්නාට පස්සේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා විවාද කරලා තුනෙන් දෙකේ බහුතරයෙන් සම්මත කර ගන්න ඕනෑ. තුනෙන් දෙක ලබා ගන්න බැරි වුණොත් අවශ්‍ය සංශෝධන සිදු කරන්න කමිටුවක් පත් කරන්න ඕනෑ. ඒ නිසා මැතිවරණය පැවැත්වීම කෙසේ වෙතත් මාර්තු 31 වෙන විට සීමා නිර්ණය වාර්තාව සම්මත කර ගැනීමට වත් හැකි වන්නේ නැති බවයි අපට නම් පේන්නේ.

අගමැතිතුමනි 2017 සැප්තැම්බර් 20 දා පාර්ලිමේන්තුවටත් ඒ හරහා ජාතියටත් ලබා දුන් පළාත් සභා ජන්දය මාර්තු 31 වෙනිදාට පෙර පවත්වනවා කියන පොරොන්දුව ඔබට මතක දැයි අපට අහන්න වෙනවා. ඔබට මතක නැති වුනාට දැන් වගේ මතකයි මට කියලා තමයි මටනම් එතුමන්ට කියන්න වෙන්නේ.

– අරවින්ද අතුකෝරල
« PREV
NEXT »