BREAKING NEWS
latest

728x90

468x60

Sunday, February 18, 2018

යහපාලන ආණ්ඩුව දැඩිසත්කාර ඒකකයට - SLFP ජාතික අාණ්ඩුවෙන් ඉවත්වෙයි - අගමැතිවරයා ධුරයෙන් ඉවත් කිරීමට නීතිපති උපදෙස් පතයි

අගමැති රනිල් වික‍්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය යන මහත්වරුන් සහ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අතර ජනාධිපති නිල නිවසේදී පැවති සාකච්චාවෙන් පසුව ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් පිරිසක් සමග ජනාධිපතිවරයා සාකච්චා පවත්වා තිබේ.

ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය සමග පැවති සාකච්චාවේදී තීරණය කර ඇත්තේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන බවයි.

එමෙන්ම අගමැතිවරයා ධුරයෙන් ඉවත් කිරීමට පාර්ලිමේන්තුවේ විශ්වාස භංගයකින් කටයුතු කරන ලෙසත් එසේ නොකලහොත් තමන් නීතිපතිවරයාගේ අදහස් විමසන බවද ජනාධිපතිවරයා සදහන් කර ඇත.

නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා මේ බව සනාථ කලේය.

මේ අතර ජනාධිපතිවරයා හමුවීමෙන් පසු අගමැතිවරයා එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායමට සමග පවසා ඇත්තේ තමන් අගමැති ධුරයේ කටයුතු කරන යහපාලන ආණ්ඩුව තව දුරටත් ඉදිරියට යන බවත් කැබිනට් සංශෝධනයක් බදාදාට සිදුවන බවත්ය.

යහපාලන ආණ්ඩුව ඉදිරියට - බදාදාට කැබිනට් සංශෝධනයක්

යහපාලන ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යන බවත් බදාදාට කැබිනට් සංශෝධනයක් වෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් වෙත පවසා තිබේ.

ඒ අරලියගහ මන්දිරයේ මේ වන විට පැවැත්වෙන එජාප මැති ඇමති රාත්‍රී භෝජන සංග්‍රහයේදීය.

ජනපතිවරයා, අගමැතිවරයා හා කතානායකවරයා අතර පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මෙම භෝජන සංග්‍රහය පැවැත්වෙයි.
« PREV
NEXT »